ජනවාරි 16, 2025
tami eng youtube  twitter facebook

    මහාභාරකාරයේ රුපියල් මිලියන 370ක් මූල්‍ය අක්‍රමිකතා සොයයි

    මැයි 15, 2015
    මහාභාරකාර දෙපාර්තමේන්තුවේ පසුගිය කාල පරිච්ඡේදයේදී සිදු වී ඇතැයි කියන රුපියල් මිලියන 370කට ආසන්න මූල්‍ය අක්‍රමකතා සොයා බැලීමට වහාම පියවර ගන්නා බව අධිකරණ අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා පවසයි.
     
    මහජනතාව විසින් රජයේ භාරකාරත්වයට පවරනු ලබන පුද්ගලික භාරයත් ඒවායේ අරමුණු හා පරමාර්ථවලට අනුව යමින් උපරිම විශ්වාසදායක සේවාවක් ඉටු කිරීමේ අරමුණින් 1930 නොවැම්බර් මස 22 දින ස්ථාපිත කරන ලද  1922 අංක 1 දරණ මහාභාරකාර පනත යටතේ මහාභාරකාර දෙපාර්තමේන්තුව පාලනය වේ.
     
    මහජනතාවගේ භාරයන් පිළිබඳව මහාභාරකාර දෙපාර්තමේන්තුවට ගිවිසුම් මඟින් පවරා ගනුලැබු කොන්දේසිවලට අනුව එම භාරයන්ගේ ප්‍රතිලාභ අදාළ භාරයන්ගේ හිමිකරුවන්ට ලැබිය යුතු වන අතර එම භාරයන් 1922 අංක 1 අරණ මහාභාරකාර පනත හා එහි සංශෝධිත පනත්වල විධිවිධානවලට අනව කටයුතු කිරීම රජයේ මහාභාරකාර දෙපාර්තමේන්තුවට පැවරෙන වගකීමක් වන නමුත් පනතේ වගන්තිවලට පරිභාහිරව පසුගිය කාල පරිච්ඡේදයේදී සමාජික හා ආගමික භාරයන් ස්ථාපිත  කර ඇති අතර එම භාරය උපයෝගි කරගෙන විවිධ හේතුන් දක්වමින් දේශපාලඥයින්ගේ අවශ්‍යතා සඳහා ද මුදල් වියදම් කර ඇති බව අදාළ විගණනයන් මඟින් පෙන්වා ඇත.
     
    මහාභාරකාර පනතේ විධිවිධානවලට පටහැනිව සිදු කර ඇති මෙම මුල්‍ය අක්‍රමිකතා සියල්ල සොයා බලා ඒ පිළිබඳව අවශ්‍ය ක්‍රියා මාර්ග ගැනීමට අධිකරණ අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා වැඩිදුරටත් තීරණය කර තිබේ.
     
    kpm

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya