ජනවාරි 16, 2025
tami eng youtube  twitter facebook

    මැතිවරණ සංශෝධනයේ අවසන් කැබිනට් පත්‍රිකාව ලබන සතියේ Featured

    මැයි 14, 2015

    මැතිවරණ ක්‍රමය සංශෝධනය සම්බන්ධයෙන් සියලු පක්ෂවල අදහස් යෝජනා කැබිනට් මණඩලයට ලැබී තිබුණු අතර දීර්ඝ ලෙස ඊයේ කැබිනට් මණඩලය තුළ ද ඒ පිළිබඳ සාකච්ඡා කිරීමෙන් අනතුරුව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා කැබිනට් මණ්ඩල අනුකාරක සභාවක් පත් කළ බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක, සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පැවසීය.

    මැතිවරණ ක්‍රමය සංශෝධනයේ අවසන් කැබිනට් පත්‍රිකාව ලබන සතියේ ඉදිරිමට නියමිත බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද (14) පැවති අමාත්‍ය මණ්ඩල තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී ඒ මහතා සඳහන් කළේය.

    අමාත්‍යවරුන් වන සරත් අමුණුගම, ලක්ෂ්මන් කිරිඇල්ල, කබීර් හෂීම්, පාඨලී චම්පික රණවක, රවුෆ් හකීම්, ගයන්ත කරුණාතිලක, පී. දිගම්බරම් සහ රිෂාඩ් බදුර්දීන් යන මහත්වරුන් මෙම අනුකාරක සභාවට පත් කර තිබෙන බව අමාත්‍යවරයා සඳහන් කළේය.

    සමානුපාතික හා කේවල ක්‍රමය සහිත සුළු පක්ෂ නියෝජනය ද ඇතුළත් මිශ්‍ර මැතිවරණ ක්‍රමයක් ලබා දෙන බව සේනාරත්න මහතා වැඩිදුරටත් පැවසීය.

    මෙම අවස්ථාවට රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය එස්.කේ.එම්.ඩී. දර්ශනී ගුණතිලක මහත්මිය ද එක්ව සිටියාය.

    kpm

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya