ජනවාරි 16, 2025
tami eng youtube  twitter facebook

    අවිවාහක යුද හමුදා සාමාජිකයන්ගේ දෙමව්පියන්ටත් වෛද්‍ය රක්ෂණ ආවරණය

    මැයි 27, 2015
    යුද්ධ හමුදා නිලධාරීන් සහ සෙසු නිලයන්ට මෙන් ම ඔවුන්ගේ බිරිඳ සහ දුවා දරුවන් ඇතුළු පවුලේ සාමාජිකයන් සඳහා ලබා දුන් වෛද්‍ය රක්ෂණ ආවරණය යුද හමුදාධිපති ලුතිතන් ජනරාල් ක්‍රිෂාන්ත ද සිල්වාගේ උපදෙස් මත අවිවාහක හමුදා සාමාජිකයන්ගේ දෙමාපියන් වෙත ද ලබා දීමට කටයුතු සංවිධානය කර ඇත.
         
    2014 ජනවාරි මස ආරම්භ කරන ලද මෙම සුවසහන අරමුදල යටතේ යුද හමුදා නිලධාරී/ සෙසු නිලයන් හා ඔවුන්ගේ පවුල්වල දෙමාපියන් දුවාදරුවන් ඇතුළු සාමාජිකයන්ගේ හදිසි ප්‍රතිකාර සඳහා එක් අයෙකුට රුපියල් ලක්ෂ 6 බැගින් හදුනාගත් ලෙඩ රෝග 21ක් සඳහා මින් ප්‍රතිකාර ලබාගැනිමටත් රජයේ හෝ පෞද්ගලික රෝහල් සඳහා ලබාදෙනු ඇත.
     
    ඒ අනුව  යුද්ධ හමුදාධිපති ලුතිතන් ජනරාල් ක්‍රිෂාන්ත ද සිල්වා විසින් මැයි 8දා සිට  ක්‍රියාත්මක වන පරිදි යුද හමුදා අවිවාහක සාමාජිකයන්ගේ දෙමව්පියන් වෙත ද, යුද හමුදා සුභසාධක අධ්‍යක්ෂක මණ්ඩලය වෙතින් ලබා දෙනු ලබන රෝගාබාධ ආවරණය ලබා දීමට කටයුතු කරන ලෙස සුභසාධක අධ්‍යක්ෂක මණ්ඩලය වෙත උපදෙස් දී ඇත.
     
    එම බරපතල රෝග යටතේ හෘදයාබාධ, හෘද සැත්කම් හා හෘද කපාට ආශ්‍රිත සැත්කම්, සංස්ථානික මහා ධමනි ආශ්‍රිත සැත්කම්, කිරීටක ධමනි ආශ්‍රිත සැත්කම්, මොළයේ ඇතිවන ගෙඩි, චාලක ස්නායු ආබාධ, අන්ධ භාවය, බිහිරි භාවය, ආඝාතය, අංශභාගය, තීව්‍ර පෙනහළු ආබාධ, පැතුරුණු අක්මා ප්‍රදාහය, තීව්‍ර අක්මා ආබාධ, සිරෝසිස් තත්ත්වයන්, කෝමා තත්ත්වයන්, පිළිකා, රුධිර පාරවිලයනය හේතු කොට ගෙන වැළදෙන මානව ප්‍රතිශක්ති ඌණතා වෛරසය ආදී වශයෙන් මෙම ප්‍රදානයන් ලබා දේ.
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya