ජනවාරි 16, 2025
tami eng youtube  twitter facebook

    ඉදිරියේ දී සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව භාණ්ඩාගාරයට බරක් නොවෙයි

    මැයි 27, 2015
    ඉදිරියේ දී සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව මහා භාණ්ඩාගාරයට බරක් නොවී ඔවුන්ට අවශ්‍ය මුදල් ප්‍රමාණය ඔවුන් විසින් ම සොයාගැනීමට අවශ්‍ය වැඩසටහන් ක්‍රියාත්මක කරන බව සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් චන්ද්‍රරත්න පල්ලේගම මහතා පැවසීය.
     
    ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ ඊයේ (26) එම දෙපාර්තමේන්තු පරිශ්‍රයේ පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකට සහභාගි වෙමිනි.
     
    රාජ්‍ය පරිපාලන අමාත්‍යවරයා වශයෙන් කරු ජයසූරිය මහතා විසින් අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කර ඇති කැබිනට් පත්‍රිකාව අනුව ඉදිරියේ දී රජයේ කුඩා ප්‍රමාණයේ ඉදිකිරීම් කටයුතු, නගර අලංකරණය, රාජ්‍ය ආයතන සඳහා ආරක්ෂක සේවය සැපයීම වැනි වැඩකටයුතු රාශියක් සිදු කිරීමට කටයුතු කරන බවත් ඒ හරහා ඉදිරියේ දී තම දෙපාර්තමේන්තුවේ වියදම තම දෙපාර්තමේන්තුව විසින් ම සොයාගැනීමට කටයුතු කරන බවත් කීය.
     
    මහවැලි අධිකාරිය මගින්  හා පශු සම්පත් මණ්ඩලය විසින් අත්හැර දමා ඇති ගොවිපලවල් තම දෙපාර්තමේන්තුව වෙත ලබාදීමට කටයුතු කරන ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගෙන් ඉල්ලා ඇති බවත් ඒ හරහා ද ඉදිරියේ දී ඉතා ඵලදායි සේවාවක් තම දෙපාර්තමේන්තුව වෙතින් ඉටුකිරීමට බලාපොරොත්තුවෙන් පසුවන බවත් අධ්‍යක්ෂ ජනරාල්වරයා වැඩිදුරටත් පෙන්වා දුන්නේය.
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya