ජනවාරි 16, 2025
tami eng youtube  twitter facebook

    පොසොන් උදානය 2015 අද සිට ලබන 06 දක්වා

    ජූනි 02, 2015

    පොසොන් උදානය – 2015 අද (02) සිට ලබන 06 වෙනිදා දක්වා මාත‍ලේ අලුවිහාරය කේන්ද්‍ර කරගනිමින් පැවැත්වෙනබව සංස්කෘතික හා කලා කටයුතු අමාත්‍යංශය සඳහන් කරයි.

    රාජ්‍ය‍පොසොන් උත්සවය නිමිත්තෙන් අම්පාර නීලගිරි චෛත්‍යයේ කැණීම්වලින් හමු වූසර්වඥ ධාතූන් වහන්සේලා, රහතන් වහන්සේලාගේ, ධාතූන් වහන්සේලා හා පුරාවිද්‍යාදෙපාර්තමේන්තුව සතු ව ඇති දුටුගැමුණු රජතුමාගේ භෂ්මාවශේෂ ද ප්‍රදර්ශනයටතැබීමට නියමිතය.

     

    පිණ්ඩපාත චාරිකා, ‍පොසොන් බැතිගී ගායනා, පහන් කූඩු, තොරණ, රූකඩ සංදර්ශන, බෞද්ධ ගීත ප්‍රසංග ඇතුළු ආගමික සහ සංස්කෘතික වැඩසටහන් රැසකින් ද මෙවර රාජ්‍ය ‍පොසොන් උත්සවය සමන්විත බවඅමාත්‍යාංශය සඳහන් කරයි.

     

    සංස්කෘතික රාජ්‍යඅමාත්‍ය නන්දිමිත්‍ර ඒකනායක මහතාගේ මගපෙන්වීම මත සංස්කෘතික රාජ්‍යඅමාත්‍යාංශය, සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව හා මාත‍ලේ දිස්ත්‍රික්‍ලේකම් කාර්යාලය එක් ව මෙම පොසොන් උත්සවය සංවිධානය කර තිබේ.

     

    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya