ජෙනරාල් රහීල් ෂරිෆ්ගේ මෙම සිව් දින සංචාරයේ දී සේනාධිනායක ජනාධිපතිමෛත්‍රීපාල සිරිසේන මැතිතුමා, අග්‍රාමාත්‍යතුමා, ගරු ආරක්ෂක රාජ්‍යඅමාත්‍යතුමා, ආරක්ෂක අමාත්‍යාංශ ලේකම්, ෆීල්ඩී මාර්ෂල් සරත් ෆොන්සේකා, ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි,නාවික හා ගුවන් හමුදාපතිවරුන් මෙන්ම මහනුවර, ගාල්ල සහ දියතලාව ප්‍රදේශවල සංචාරය කිරීමට නියමිතය.
ජෙනරාල් රහීල් ෂරීෆ් සමඟින් බිගුම් ෆාරිහා රහීල් මහත්මිය, මේජර් ජෙනරාල්අසාර් අබ්බාස්, භිගුම් සාදියා අසාර් මහත්මිය, මේර් ජෙනරාල් අබ්බාස්, කර්නල්මොහොමඩ් කුසීම් සහ කපිතන් උමේර් සජාඩ් සමඟින් ජෙනරාල් රහීල් ෂරිෆ්ගේදියණිය සහ පුතණුවන් ද මෙරටට සංචාරය සඳහා පැමිණේ.
යුද්ධ හමුදාපති ලුතිතන් ජෙනරාල් ක්‍රිෂාන්ත ද සිල්වා සහ යුද හමුදා සේවාවනිතා ඒකකයේ ගරු සභාපතිනි නයනා ද සිල්වා මහත්මිය විසින් පකිස්ථානු යුදහමුදා ප්‍රධානී ජෙනරාල් රහීල් ෂරීෆ් සහ බිගුම් ෆාරිහා රහීල් මහත්මිය කොළඹබණ්ඩාරණායක ජාත්‍යන්තර ගුවන්තොටුපලේ දී රතු පලස මතින් ඉතා උණුසුම් අයුරින්පිළිගැනිමට නියමිතය.
එමෙන්ම ජෙනරාල් රහීල් ෂරීෆ් හට (6) සෙනසුරාදා උදෑසන යුද හමුදා මූලස්ථානයේදී ආචාර සම්මාන මුරයක් ද පිරිනැමීමට නියමිත අතර, යුද හමුදා සේවා වනිතා ඒකකයවිසින් බිගුම් ෆාරිහා රහීල් මහත්මිය පිළි ගැනීමේ උත්සවයක් ද සංවිධානය කරඇත.
තවද, පකිස්ථාන යුද හමුදා ප්‍රධානි මෙම සංචාරය අතරතුර දියතලාව ශ්‍රී ලංකායුද හමුදා විද්‍යාපීඨයේ රණවිරු ස්මාරකය වෙත පුෂ්පෝහාර දැක්වීමට නියමිත අතර, මහනුවර දළදාමාළිඟාව නැඹීමට ද නියමිතය.