ජනවාරි 16, 2025
tami eng youtube  twitter facebook

    සිංහල භාෂා ව්‍යාකරණය ගැන සම්මන්ත්‍රණයක් 9 දා

    ජූනි 03, 2015

    සිංහල භාෂා ව්‍යාකරණ ලේඛනයේ දී යොදා ගැනීම පිළිබඳ මාධ්‍යවේදින් දැනුවත් කිරිමේ එක් දින වැඩමුළුවක් රජයේ ප‍්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සංවිධානය කරයි.

    මෙම වැඩමුළුව ලබන 09 වැනි අගහරුවාදා පෙරවරු 9.30 ට රජයේ ප‍්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ මාධ්‍ය සංවර්ධන මධ්‍යස්ථාන ශ‍්‍රවණාගාරයේ දී පැවැත්වීමට නියමිතය.

    මෙහිදී මහාචාර්ය ජේ. බී. දිසානායක, මහාචාර්ය රත්නසිරි අරංගල, ආචාර්ය සේනාරත්න කාරියවසම්, සඳගෝමී කෝපරහේවා වැනි ප‍්‍රවීණ දේශකවරු තේමා කිහිපයක් යටතේ දේශන පවත්වති.

    රජයේ ප‍්‍රවෘත්ති දෙපාර්තමේන්තුව විසින් අප රටේ ජනමාධ්‍යවේදින්ගේ ආකල්ප හා හැකියා සංවර්ධනය සඳහා ගෙන යන වැඩපිළිවෙළ යටතේ නිවැරදි සිංහල භාෂා ව්‍යාකරණය, ලේඛනයේ දී යොදා ගැනීම හා නිර්මාණාත්මක ලේඛනය පිළිබඳව එක් දින වැඩමුළුවක් පැවැත්වීමට තීරණය කර තිබේ.

    මෙවැනි වැඩමුළු මාලාවක පළමුවැන්න මෙම වැඩමුළුව වේ. මෙවැනි වැඩමුළුවක් පැවැත්වීමට රජයේ ප‍්‍රවෘත්ති දෙපාර්තමේන්තුව තීරණය කරන ලද්දේ විද්‍යුත් මාධ්‍ය හා මුද්‍රිත මාධ්‍ය මෙන්ම සමාජ මාධ්‍ය තුළ ද භාවිතා කෙරෙන සිංහල භාෂාව හා ව්‍යාකරණය, තරුණ හා ආධුනික ඇතැම් ජනමාධ්‍යෙවිදින් විසින් භාවිත කිරිමේ දී සමහර අවස්ථාවල එතරම් සැලකිල්ලක් නොදක්වන බව පෙනී ගොස් ඇති නිසාය.

    තොරතුරු නිවැරදි ව ලබා ගැනීම මෙන්ම ඒවා ජනමාධ්‍ය තුළ පළ කිරිමේ දී දක්නට ලැබෙන සිංහළ භාෂාව විකෘති කිරිම් හා වැරදි ව්‍යාකරණ භාවිතය නිසා අපේක්ෂා කරන අදහස නිවැරදිව සන්නිවේදනය නොවීමට පිළිවන. අනෙක් අතට මාධ්‍ය තුළ පළවන වැරදි ව්‍යාකරණ විදි හා අක්ෂර වින්‍යාසයන් දකින පාසල් දරුවන් හා වෙනත් පුද්ගලයින් ඒවා අනුගමනය කිරිමට පෙළඹීම ස්වාභාවිකය. එනිසා වැරදි සිංහල ව්‍යාකරණ භාවිතය සම්ප‍්‍රදායයක් බවට පත්වීමේ අවදානමක් පවතින අතරම එමගින් සිංහළ භාෂාවට විශාල හානියක් සිදුවන බව ආචාර්ය මහාචාර්යවරුන්ගේ අදහසයි.

    මෙකී වැඩමුළුවට මාධ්‍යවේදින් මෙන්ම කොළඹ උසස් පෙළ හදාරණ පාසල් දරු දැරියන්ද සහභාගි වන අතර මේ සම්බන්ධව උනන්දුවක් දක්වන අයට රන්දිමා - 071-3421145, ප‍්‍රභාෂිණී- 0779423140, මධුරකාවිනි- 0710931333 යන දූරකතනවලට හෝ ඝෘජු දූරකතන අංක 0112513401 දූරකතන අංකයට හෝ දැනුම් දී සහභාගි විය හැකිය.

     

    kpm

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya