ජනවාරි 15, 2025
tami eng youtube  twitter facebook

    රුසියානු විදේශ ඇමති ශ්‍රී ලංකාවේ සංචාරයක Featured

    ජූනි 08, 2015

    රුසියානු විදේශ ඇමති සර්ජි ලැව්රොව් මහතා (Sergey Lavrov) ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වීමට නියමිත බව විදේශ කටයුතු අමාත්‍යංශය පවසයි. ශ්‍රී ලංකාවේ නියෝජ්‍ය විදේශ අමාත් අජිත් පී. පෙරේරා මහතා විසින් කරන ලද ආරාධනයකට අනුව ලැව්රොව් මහතා දිවයිනට පැමිණීමට නියමිතය.

     

    අජිත් පී. පෙරේරා මහතා පසුගිය සතියේ රුසියාවේ පැවති සමුළුවකට සහභාගී වූ අවස්ථාවේ දී මෙම ආරාධනය සිදු කර ඇත.

     

    ලැව්රොව් මහතාගේ සංචාරය අතරතුර දෙරට අතර ගිවිසුම් ගණනාවක් අත්සන් කිරීමට නියමිත බව ද නියෝජ්‍ය විදේශ අමාත්‍යවරයා තවදුරටත් සඳහන් කළේය.

     

    ශ්‍රී ලංකාවේ නව රුසියානු තානාපති කාර්යාලය විවෘත කිරීම ද මෙම සංචාරයේ දී ලැව්රොව් මහතා අතින් සිදු කිරීමට නියමිතය.

     

    සිංහල භාෂාව කථා කිරිමට දක්ෂයෙකු වන රුසියානු විදේශ ඇමති ලැව්රොව් මහතා, එවකට සෝවියට් සංගමයේ රාජ්‍ය තාන්ත්‍රිකයෙකු ලෙස 1972 සිට 1976 සිට ක්වා කාලය තුළ ශ්‍රී ලංකාවේ සේවය කර තිබේ. හිටපු විදේශ අමාත්‍යවරයෙකු වන රෝහිත බෝගොල්ලාගම මහතාගේ ආරාධනයකට අනුව ඔහු 2009 ඔක්තෝබර් මාසයේ දී ද දිවයිනේ සංචාරයක නිරත විය.

     

    SDF

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya