ජනවාරි 15, 2025
tami eng youtube  twitter facebook

    ලෝක සාගර දිනය අද යි Featured

    ජූනි 08, 2015

    ලෝක සාගර දිනය අදට (08 වැනිදා) යෙදී තිබේ. සාගර අපගේ ග්‍රහලෝකයේ හදවත බඳු ය. මිනිසෙකුගේ හදවත ශරීරයේ සෑම කොටසකටම රුධිරය පොම්ප කරන්නාක් මෙන්, අපි ජීවත් කොතැනක් ජීවත් වූවද සාගර මඟින් පෘථිවිය පුරා වෙසෙන ජනතාව එකිනෙකාට සම්බන්ධ කරයි.

     

    සාගර මඟින්: දේශගුණය පාලනය කරයි; වසරකට මිනිසුන් මිලියන ගණනක් පෝෂණය කරයි; ඔක්සිජන් නිෂ්පාදනය කරයි; අපට ඉතා වැදගත්වන ඖෂධ සපයයි; එපමණකින් නොනැවතී ඇදහිය නොහැකි ලෙස වනජීවීන් මට නිවස්නයක් ද සපයයි. අපේ ප්‍රජාවන් සහ අනාගත පරම්පරාවන්ගේ සෞඛ්‍ය සහ ආරක්ෂාව තහවුරු කිරීමට නම් අපි සැලකිලිමත් ලෙස සාගර රැකබලා ගැනීම ට අත්‍යවශ්‍ය වේ.

     

    සමුද්‍ර පරිසරයෙහි වැදගත්කම පිළිබඳව ලෝක ප්‍රජාවට දනුවත් කිරීමේ අරමුණ පෙරදැරි කරගෙන එක්‌සත් ජාතීන්ගේ සංවිධානය විසින් 2009 වසරේ සිට සෑම වසරකම ජුනි 8 වැනිදා ජගත් සාගර දිනය සැමරීම සඳහා නම් කර තිබේ.

     

    පෘතුවි තලයෙන් 70%ක් ම වැසී පවතින්නේ සාගරයෙන්. නමුත් මේ පිලිබදව ලෝක වාසීන්ගේ අවධානය යොමු වුනේ 2009 ජුනි 08 වන දින "ලෝක සාගර දිනය" නිල වශයෙන්  ප්‍රකාශයට පත් කිරීමත් සමඟයි.

     

    ඒ අනුව 1992 දී රියෝ ද ජැනයිරෝ නුවර පැවති මිහිතල සමුළුවේදී, 2009 දී "ජගත් සාගර දිනය" සැමරීමට කටයුතු සුදානම් කරනු ලැබීය.

     

    මෙවර සාගර දිනයේ ලෝක තේමාව "Healthy Oceans, Healthy Planet" යනුවෙන් නම් කර ඇත. ශ්‍රී ලංකාවේ ද මෙම තේමාව යටතේ සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය මගින් ජගත් ජාතික සාගර දින සැමරීමේ ජාතික වැඩසටහන සංවිධානය කර ඇත.

     

    මෙම වැඩසටහන ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ උපදෙස් මත විදුලිබල හා බලශක්ති අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතාගේ ප්‍රධානත්වයෙන් අද (08) ශ්‍රී ලංකා පදනම් ආයතනයේදී පැවැත්වේ. සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය මඟින් සම්පාදනය කරනු ලබන "සත්සමුදුර" සඟරාව එළි දැක්වීමද මෙදින සිදු කෙරේ.

     

    SDF

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya