ජනවාරි 13, 2025
tami eng youtube  twitter facebook

    සංවර්ධන කටයුතුවලට බලහත්කාරයෙන් ඉඩම් අත්පත් කර ගැනීම නතර කිරීමට පියවර Featured

    ජූනි 11, 2015

    සංවර්ධනය මුවාවෙන් කොළඹ දිස්ත්‍රික්කයේ බලහත්කාරයෙන් ඉඩම් අත්පත් කර ගැනීම සහ නිවැසියන් ඉවත් කිරීමේ කටයුතු වහාම නතර කරන ලෙසට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා නාගරික සංවර්ධන අධිකාරියේ සභාපතිතුමා වෙත උපදෙස් දී ඇතැයි අග්‍රාමාත්‍ය කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

     

    ඉඩම් අත්පත් කරගැනීමට අත්‍යාවශ්‍ය අවස්ථාවන් හිදි ප්‍රදේශයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ සහ සිවිල් සමාජයේ උපදේශකත්වය සහ සහභාගීත්වය ඇතිව ක්‍රමවත් මානුෂික ක්‍රමවේදයක් සකස් කළ යුතු බවට අග්‍රාමාත්‍යතුමා අවධාරණය කළේය.

     

    පහුගිය ආණ්ඩු සමයේ විවිධ අවශ්‍යතාවන්ට මහජනයා බලහත්කාරයෙන් ඉවත් කරමින් ඉඩම් අත්පත් කරගත් අතර, ඒ සඳහා වන්දි ගෙවීම් සිදු කර ඇත්තේ ද අක්‍රමවත් හා අවිධිමත් ලෙසය. අග්‍රාමාත්‍යතුමා තවදුරටත් කියා සිටියේ ජනතාව වෙනුවෙන් කැපවී සිටින රජයක් ලෙස, රජයේ සහ පෞද්ගලික ඉඩම් පිළිබඳ කටයුතුවලදී වඩාත් විනිවිදභාවයකින් සහ වගකීමකින් යුතු සැලසුමක් හදුන්වා දිය යුතු බවයි.

     

    SDF

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya