ජනවාරි 13, 2025
tami eng youtube  twitter facebook

    ප්‍රංශ තානාපති ආරක්ෂක රාජ්‍ය ඇමැති හමුවේ

    ජූනි 11, 2015
    ශ්‍රී ලංකාවේ සහ මාලදිවයින් හි ප්‍රංශ තානාපති Jean-Marin Schuh මහතා පසුගිය දින ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන මහතා හමුවී සාකච්ඡා පැවැත්වීය.
     
    ආරක්ෂක අමාත්‍යංශ පරිශ්‍රයේ පැවැති මෙම සාකච්ඡාවේ දී දෙරටට වැදගත් ද්වීපාර්ශවීය කරුණු සම්බන්ධයෙන් හා අවශ්‍යතාවයන් සම්බන්ධයෙන් කරුණු සාකච්ඡා කළේය.
     
    මෑත කාලයේ දී උතුරු නැගෙනහිර ප්‍රදේශවල බිම් බෝම්බ ඉවත් කිරීමේ කටයුතු සඳහා ප්‍රංශ රජය විසින් දක්වනු ලැබූ දායකත්වය පිළිබඳ ව ද මෙහිදී රාජ්‍ය අමාත්‍යවරයා සිහිපත් කළේය. එක්සත් ජාතීන්ගේ සංවිධානයේ දූත මණ්ඩල භට පිරිස් පිළිබඳ ව ද සිහිපත් කළ රාජ්‍ය අමාත්‍යවරයා යම් රටක ඉල්ලීම මත ඕනෑම රටකට එම සේවය ලබාදිය හැකි බවත් කීය.
     
    විදේශ ජාතීන් සඳහා පුහුණු පරාසයන් වෙන් කර ඇති ආකාරය මෙන් ම වෙනත් රටවලින් ලැබී ඇති පුහුණු අවස්ථා පිළිබඳ ව වැඩිදුරටත් පැවසීය.
     
    ඉදිරියේ දී දෙරට අතර සමීප ආරක්ෂක සබඳතා ආරක්ෂා කරගැනීමට කටයුතු කරන බව මෙහිදී පිළිතුරු දෙමින් Schuh මහතා පැවසීය.
     
    මෙම අවස්ථාව සිහිපත් වීම සඳහා ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන මහතා විසින් ප්‍රංශ තානාපති Schuh මහතා වෙත සමරු තිළිණයක් ද පිළිගැන්වීය.
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya