ජනවාරි 13, 2025
tami eng youtube  twitter facebook

    මාධ්‍ය ලේකම්වරුන්ට කතිකාවක් ඇති කරයි Featured

    ජූනි 16, 2015

    "ජාතික සංවර්ධනයේ දී මාධ්‍ය ලේකම්වරුන්ගේ කාර්යභාරය" මැයෙන් විද්වත් කතිකාවක් අද (16) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තු ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.

    ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය ශාන්ත බණ්ඩාර මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම කතිකාව ආරම්භ විය.

    ප්‍රවීණ ලේඛක තිඹිරියාගම බණ්ඩාර මහතාගේ ‘ආකර්ශනීය ප්‍රචාරයක් සඳහා වූ මුද්‍රිත මාධ්‍ය භාවිතය‘ පිළිබඳ දේශනය සහ ප්‍රවීණ මධ්‍යවේදී ලාල් හේමන්ත මාවලගේ මහතාගේ ‘ආකර්ශනීය විද්‍යුත් මාධ්‍ය භාවිතය‘ පිළිබඳ දේශනය මෙම කතිකාවට එක් විය.

    රජයේ තොරතුරු වඩාත් කාර්යක්ෂමව හා විධිමත් ලෙස ප්‍රචාරණය කර ගැනීම, මාධ්‍ය ලේකම්වරුන් හා රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව අතර පවත්නා සම්බන්ධතාවය වැඩිදියුණු කර ගැනීම, රාජ්‍ය තොරතුරු සන්නිවේදනයේ දී පවත්නා විවිධ තාක්ෂණික ගැටලු හඳුනා ගැනීම අරමුණු කර ගනිමින් මෙම වැඩසටහන පැවැත්විණි.

    ජනමාධ්‍ය අමාත්‍යංශයේ ලේකම් කරුණාරත්න පරණවිතාන මහතා, රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය දර්ශනී ගුණතිලක මහත්මිය, ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ සභාපති නන්ද මුරුත්තෙට්ටුවේගම මහතා, ප්‍රවෘත්ති අධ්‍යක්ෂ වසන්ත ප්‍රිය රාමනායක මහතා ඇතුළු මාධ්‍යලේකම්වරුන් රැසක් මෙම අවස්ථාවට එක් සිටියහ.

    kpm

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya