ජනවාරි 13, 2025
tami eng youtube  twitter facebook

    දේශය වෙනුවෙන් කැප වූ තවත් රණවිරුවන් පිරිසකට නිවාස ආධාර

    ජූනි 19, 2015
    ශ්‍රී ලංකා යුද හමුදා රණවිරු සේවා අධ්‍යක්ෂ මණ්ඩලය විසින් මේ වන විට දේශය වෙනුවෙන් දිවි පිදූ රණවිරුවන්ගේ පවුල්වල සාමාජිකයන් මෙන් ම රණක්ෂිතයට පත් වු විරු පවුල්වල සාමාජිකයන් සඳහා සුභ සාධක ව්‍යාපෘති රැසක් ක්‍රියාත්මක කර ඇති අතර, ඒ අනුව දේශය වෙනුවෙන් දිවි පිදු සහ රණක්ෂිතයට පත් වූ රණවිරු පවුල් 46ක් සඳහා  නිවාස ආධාර මුදල් ප්‍රදානය කිරීමේ උත්සවයක් ඊයේ (18) යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් ක්‍රිෂාන්ත ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් යුද හමුදා මූලස්ථානයේ දී පවත්වන ලදී.
     
    මෙම උත්සවයේදී දේශය වෙනුවෙන් දිවි පිදූ එක් රණවිරු පවුලක සාමාජිකයෙකුට සහ රණක්ෂිතයට පත් වු රණවිරු පවුල් 45 දෙනෙකු සඳහා  රුපියල් ලක්ෂ 5ක් වටිනා නිවාස ආධාර ලබා දෙන ලදී. 
     
    ඒ අනුව දැනට රණවිරු සේවා අධ්‍යක්ෂක මණ්ඩලය විසින් දේශය වෙනුවෙන් දිවි පිදූ සහ රණක්ෂිතයට පත් වූ විරුවන් 356 දෙනෙකු වෙත  රුපියල් මිලියන 178ක් පමණ මුදලක්  නිවාස ආධාර වශයෙන් ලබා දී ඇත.   
     
    එම අවස්ථාව අමතමින් යුද හමුදාපතිතුමා ප්‍රකාශ කර සිටියේ මෙම ව්‍යාපෘතිය සාර්ථක කර ගැනීම සඳහා සෑම යුද හමුදා සාමාජිකයෙකුගේ ම කැපවීම සහ දායකත්වය උපකාරී වූ බවයි.
     
    එමෙන්ම යුද හමුදා සාමාජිකයන් වෙනුවෙන් සිදු කරනු ලබන සුභ සාධන කටයුතු ඉදිරියටත් පවත්වාගෙන යන ලෙස ජනාධිපතිතුමා විසින් තමා හට පුද්ගලිකව උපදෙස් ලබා දුන් බවත්, ඉදිරි කාලයේ දී මෙවැනිම සුබ සාධන ව්‍යාපෘතියක් ආරම්භ කිරීමට බලාපොරොත්තුවන බවට යුද හමුදාපතිතුමා වැඩිදුරටත් සඳහන් කරනු ලැබීය. 
     
    නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානි මේජර් ජෙනරාල් ඊ.එම්.එම්. අඹන්පොල, විධායක ජෙනරාල් මේජර් ජෙනරාල් එම්. හතුරුසිංහ, ශ්‍රී ලංකා යුද හමුදා ස්වේච්ඡා බලසේනාවේ සේනාවිධායක මේජර් ජෙනරාල් එච්.සී.පී. ගුණතිලක, මුල්‍ය කළමණාකරන අධ්‍යක්ෂ ජෙනරාල් මේජර් ජෙනරාල් ආර්.වී. උඩවත්ත, අධ්‍යක්ෂ රණවිරු සේවා බ්‍රිගේඩියර් එන්.ඒ.පී.සී නාපාගොඩ ඇතුළු විශාල පිරිසක් මෙම අවස්ථාවට සහභාගි වූහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya