ජනවාරි 13, 2025
tami eng youtube  twitter facebook

    මත්ද්‍රව්‍ය විරෝධි ජාත්‍යන්තර දිනය ජූනි 26 දා

    ජූනි 24, 2015
    මත්ද්‍රවය විරෝධි ජාත්‍යන්තර දිනය ජූනි 26 වැනි දිනට යෙදී තිබෙන අතර එහි ජාතික උත්සවය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ සහභාගිත්වයෙන් අරලියගහ මන්දිරයේදී පැවැත්වීමට කටයුතු යොදා ඇති බව මහජන සාමය හා ක්‍රිස්තියානී කටයුතු පිළිබඳ අමාත්‍යාංශයේ ලේකම් ටී. එම්. කේ. බී. තෙන්නකෝන් මහතා පැවසීය.
     
    රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද (24) පැවති ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය විරෝධි දිනය පිළිබඳ දැනුවත් කිරීමේ මාධ්‍ය හමුවේදී ඒ මහතා මේ බව සඳහන් කළේය.
     
    "මතින් නිදහස් - ජීවයෙන් පිරි රටක්" යන්න මෙවර තේමාව වන අතර දිවයින පුරා මත්ද්‍රව්‍ය නිවාරණ වැඩසටහනට සම්බන්ධ 5000ක පිරිසක් මෙම ප්‍රධාන උත්සවයට සහභාගි වන බව අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලයේ සභාපති වෛද්‍ය තිලංග සමරසිංහ මහතා පැවසීය.
     
    මෙදිනට ජනාධිපතිතුමාගේ හා අගමැතිතුමාගේ විශේෂ ප්‍රකාශයන් නිකුත් කෙරෙන බව පෙන්වා දුන් සභාපතිවරයා  මත්ද්‍රව්‍ය නිවාරණය වෙනුවෙන් සුවිශේෂ දායකත්වය දැරූවන්ට සමරු තිළිණ ප්‍රදානයක් සිදු කෙරෙන බව ද සඳහන් කළේය.
     
    මත්ද්‍රව්‍ය වෙනුවෙන් සුවිශේෂි අවධානයක් යොමුකරමින් කටයුතු කරන ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට ද විශේෂ සමරු තිළිණයක් ප්‍රදානය කෙරෙන බව සභාපතිවරයා පෙන්වා දුන්නේය.
     
    මහජන සාමය හා ක්‍රිස්තියානී කටයුතු පිළිබඳ අමාත්‍යාංශය, අන්තරයාකර ඖෂධ පාලක ජාතික මණ්ඩලය, හා ශ්‍රී ලංකා පොලීසිය ඒකාබද්ධව මෙම උත්සය සංවිධානය කරනු ලබයි.
     
    මෙම අවස්ථාවට පූජ්‍ය මාදුළුවාවේ සෝභිත හිමි, පූජ්‍ය අතුරලියේ රතන හිමි ප්‍රමුඛ සංඝරත්නය, අමාත්‍යවරුන්, තානාපතිවරුන් ඇතුළු පිරිසක් සහභාගි වීමට නියමිතය. 
     
    kpm

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya