ජනවාරි 16, 2025
tami eng youtube  twitter facebook

    නීති විරෝධී මත්පැන් හා මත්ද්‍රව්‍ය අත් අඩංගුවට ගැනීමේ මෙහෙයුම් පුළුල් කෙරේ

    ජූනි 26, 2015
    අද (26) ට යෙදී ඇති ලෝක මත්ද්‍රව්‍ය විරෝධී ජාත්‍යන්තර දිනයට සමගාමීව නීති විරෝධී මත්පැන් හා මත්ද්‍රව්‍ය අත් අඩංගුවට ගැනීමේ මෙහෙයුම් පුළුල් කර ඇතැයි පොලිස් දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
     
    ඒ අනුව පොලිස් මූලස්ථානයේ අපරාධ කොට්ඨාසයේ දිවා / රාත්‍රි ක්‍රියාත්මක වන පරිදි නීති විරෝධී මත්පැන් හා මත්ද්‍රව්‍ය පිළිබඳ තොරතුරු ලබා ගැනීමේ මෙහෙයුම් මැදිරියක් ස්ථාපිත කර ඇත. 
     
    0113 024 825, 0113 024 826, 0703 117 117, 0703 118 118, 0703 119 119 යන දුරකතන අංකයන් හරහා මෙම මෙහෙයුම් මැදිරිය හා සම්බන්ධ විය හැකි අතර ම This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් තැපැල් ලිපිනය හා 0112 333 496 යන ෆැක්ස් අංකය වෙත ද මෙහෙයුම් මැදිරිය වෙත තොරතුරු ලබාදිය හැකිය. 
     
    ඒ අනුව දිවයිනේ විවිධ ප්‍රදේශවල පවත්වා ගෙන යනු ලබන නීති විරෝධී මත්පැන් ව්‍යාපාර හා මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් තොරතුරු මෙම මෙහෙයුම් මැදිරිය වෙත දැනුම් දීමට මහජනතාවට හැකියාව ඇත.
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya