ජනවාරි 16, 2025
tami eng youtube  twitter facebook

    පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ පණිවුඩය ඉතා ඉක්මනින් Featured

    ජූනි 26, 2015

    පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ පණිවුඩය ඉතා ඉක්මනින් මහ ජනතාවට දැන ගැනීමට හැකිවනු ඇති බව විදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය අජිත් පී. පෙරේරා පවසයි.

     

    රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද (26)  උදෑසන පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව පැවසීය.

     

    සුළුතර ආණ්ඩුවකට පාර්ලිමේන්තුව තුළ තිබෙන දුෂ්කරතා ජනතාව පැහැදිලිව දුටු බවත් සුළුතර ආණ්ඩුවකට කළ හැකි උපරිම දේ දැන් සිදු කර ඇති බවත් ඒ මහතා ප්‍රකාශ කළේය.

     

    පවතින මැතිවරණ ක්‍රමයට මේ මහ මැතිවරණය පැවැත්වීමට සියලුම පක්ෂ එකඟ වී සිටින බවත් මීළඟ මැතිවරණයේ දී හොරු, කුඩුකාරයො, මිනීමරුවො සහ වංචාකරුවන් හට නාම යෝජනා නොදී සිටීම සියලුම පක්ෂවල වගකීමක් බවත් ඔහු පැවසීය.

     

    SDF

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya