ජනවාරි 16, 2025
tami eng youtube  twitter facebook

    මියගිය හා ආබාධිත රණවිරුවන් වෙනුවෙන් විශේෂ කාඩ්පතක් සහ ලාංඡනයක්

    ජූනි 27, 2015
    තිස් වසරක් පුරා මෙරට පැවැති කුරිරු ත්‍රස්තවාද ක්‍රියාවන් හේතුවෙන් මියගිය සහ ආබාධිත රණවිරුවන් සහ ඔවුන්ගේ පවුල්වල සමාජිකයන් හඳුනාගැනීම සහ ප්‍රතිලාභ ලබාදීම සඳහා රණවිරු විශේෂ කාඩ්පතක් සහ ලාංඡනයක් හඳුන්වාදීමට ආරක්ෂක රාජ්‍ය අමාත්‍යංශය පියවර ගෙන ඇත.
     
    මියගිය රණවිරුවන්ගේ භාර්යාව/ ස්වාමිපුරුෂයා, දූ දරුවන්, දෙමාපියන් මෙන් ම ආබාධිත වූ රණවිරුවන් සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන් ආසන්න වශයෙන් ලක්ෂ තුනක් පමණ මෙම වැඩපිළිවෙළ හරහා ප්‍රතිලාභ ලැබීමට නියමිතය.
     
    ආරක්ෂක අමාත්‍යංශය, ආරක්ෂක රාජ්‍ය අමාත්‍යංශය, ත්‍රිවිධ හමුදාව, පොලිසිය, සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව සහ රණවිරු සේවා අධිකාරිය මගින් මෙම වැඩසටහන ක්‍රියාත්මක කරනු ලැබේ.
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya