ජනවාරි 16, 2025
tami eng youtube  twitter facebook

    මැතිවරණයක දී ජනමාධ්‍ය පිළිපැදිය යුතු උපමාන පිළිබඳව දැනුවත් කෙරේ Featured

    ජූලි 06, 2015

    මැතිවරණයක දී අදාළ කාල සීමාව තුළ විද්‍යුත් හා මුද්‍රිත ජනමාධ්‍ය විසින් පිළිපැදිය යුතු උපමාන පිළිබඳව මාධ්‍ය ආයතන ප්‍රධානීන් දැනුවත් කිරීමේ විශේෂ සාකච්ඡාවක් මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතාගේ ප්‍රධානත්වයෙන් අද (06) බොරැල්ලේ පිහිටි මානව හිමිකම් කොමිෂන් සභාවේ දී පැවැත්විණි.

     

    ශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 19වෙනි සංශෝධනයේ 23(5) (අ) අනු ව්‍යවස්ථාව ප්‍රකාරව මැතිවරණ කොමිෂන් සභාව/ මැතිවරණ කොමසාරිස්වරයා විසින් ජනමත විචාරණයක් හෝ ඡන්ද විමසීමක් නිදහස්ව හා සාධාරණව පැවැත්වීම සහතික කිරීම සඳහා පනවනු ලබන විද්‍යුත් හා මුද්‍රිත ජනමාධ්‍ය ආයතන හා ක්‍රියාකාරීන් විසින් පිළිපැදිය යුතු උපමාන පිළිබඳව මෙහිදී මැතිවරණ කොමසාරිස්තුමා විසින් මාධ්‍ය ආයතන ප්‍රධානීන් දැනුවත් කරන ලදී.

     

    නිදහස් හා සාධාරණ මැතිවරණයක් පැවැත්වීම සඳහා මාධ්‍යයේ සහාය ලබා ගැනීම අත්‍යවශ්‍ය බව හා මාධ්‍ය භාවිතයට ක්‍රමවේදයක් සකස් කර ගැනීමට අවශ්‍ය නියාමන යාන්ත්‍රණයක් සකස් කරගත යුතු බවත් එය ආචාරධර්ම සුරැකෙන ක්‍රමවේදයක් විය යුතු බවත් මැතිවරණ කොමසාරිස්තුමා එහිදී ප්‍රකාශ කළේය.

     

    මැතිවරණයක දී අදාළ කාල සීමාව තුළ විද්‍යුත් හා මුද්‍රිත ජනමාධ්‍ය විසින් පිළිපැදිය යුතු උපමාන මෙම මස 13වන දිනට ප්‍රථම ප්‍රකාශයට පත්කිරීමට නියමිතය.

     

    SDF

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya