ජනවාරි 16, 2025
tami eng youtube  twitter facebook

    මැතිවරණයක දී අපේක්ෂකයන් පිළිපැදිය යුතු උපමාන පිළිබඳව ඡන්දදායකයන් දැනුවත් කිරීමට පියවර Featured

    ජූලි 06, 2015

    මැතිවරණයක දී අදාළ කාල සීමාව තුළ ඡන්දදායකයන්ට සංග්‍රහ කිරීම, තර්ජනය කිරීම, බිය ගැන්වීම වැනි නීතියෙන් වරදකාරී ක්‍රියාකලාප ඇතුළු මැතිවරණ ප්‍රචාරණයේ දී හා අනෙකුත් ක්‍රියාකාරකම්වලදී අපේක්ෂකයන් පිළිපැදිය යුතු උපමාන පිළිබඳව ඡන්දදායකයන් දැනුවත් කිරීමට ඉදිරියේ දී එකී උපමාන පත්‍රය පුවත්පතේ ගැසට් නිවේදනයක් ලෙස පළ කර ග්‍රාම සේවක නිලධාරීන් මඟින් සෑම නිවසකටම ලැබෙන්නට සලස්වන බවත් මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතා සඳහන් කළේය.

     

    මැතිවරණයක දී අදාළ කාල සීමාව තුළ විද්‍යුත් හා මුද්‍රිත ජනමාධ්‍ය විසින් පිළිපැදිය යුතු උපමාන පිළිබඳව මාධ්‍ය ආයතන ප්‍රධානීන් දැනුවත් කිරීම සඳහා මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතාගේ ප්‍රධානත්වයෙන් අද (06) බොරුල්ලේ පිහිටි මානව හිමිකම් කොමිෂන් සභාවේ දී පැවැති විශේෂ සාකච්ඡාවක දී ඒ මහතා මේ බව පැවසීය.

     

    එසේ කිරීමෙන් ඡන්දදායකයා දැනුවත් වී අපේක්ෂකයන් ගේ නීත්‍යනුකූල නොවන ප්‍රචාරණයන්ට එරෙහිව කටයුතු කරනු ඇතැයි ඔහු අවධාරණය කළේය.

     

    ඡන්දය භාවිත කිරීමට මැලිකම් දක්වන තරුණ කණ්ඩායම් සඳහා තමන්ට හිමි ඡන්දය භාවිත කිරීමේ වටිනා අයිතිවාසිකම පිළිබඳව දැනුවත් කිරීමේ වැඩසටහනක් මාධ්‍ය හරහා විකාශනය කිරීමට කටයුතු කරන බවත් මැතිවරණ කොමසාරිස්තුමා මෙහිදී කියා සිටියේය.

     

    මැතිවරණ ප්‍රචාරණයේ දී අපේක්ෂකයන්ගේ නාම, සලකුණු හා අංකයන් ප්‍රචාරණය සඳහා මහා මාර්ගය, ලයිට් කණු හා පොදු දේපල භාවිත කරන්නන්ට එරෙහිව පියවර ගැනීමට මහාමාර්ග අමාත්‍යාංශයට, විදුලි බල අමාත්‍යාංශයට හා නගර සභාවලට බලය පවරන බවත් අවශ්‍යනම් ඒ සඳහා නඩු පවරා නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට ද අවසර ලබා දෙන බවත් ඒ මහතා ප්‍රකාශ කළේය.

     

    SDF

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya