ජනවාරි 16, 2025
tami eng youtube  twitter facebook

    ජුනි මාසයේ සංචාරක පැමිණීම 12%කින් ඉහළට

    ජූලි 06, 2015
    පසුගිය ජුනි මාසයේ සංචාරකයන්ගේ පැමිණීම 12%කින් ඉහළ ගොස් ඇතැයි ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන කාර්යාංශය සඳහන් කරයි. එම පැමිණීම 115,467කි.
     
    2015 මුල් මාස හය තුළ පෙර වසරේ සිට 530,051තෙක් 14.1%ක වර්ධනයක් දක්වයි.
     
    විශාලතම සංචාරක මූලාශ්‍රය වශයෙන් සම්ප්‍රදායික බටහිර යුරෝපීය වෙළෙඳපොළ එලෙසම පැවැති අතර එය 256,567තෙක් 15%ක වර්ධනයකි. ප්‍රධාන සංචාරක මූලාශ්‍රය වූයේ එක්සත් රාජධානිය, ජර්මනිය හා ප්‍රංශයයි. 
     
    දකුණු ආසියානු සංචාරකයන්ගේ පැමිණීමේ ප්‍රමාණය සීඝ්‍ර ලෙස ජුනි මාසයේ වැඩි වූ අතර ඉන් වැඩි ප්‍රමාණය ඉන්දියානුවන් වූ අතර එය 36,973තෙක් 19%ක වර්ධනයක් විය.
     
    නැගෙනහිර ආසියානු සංචාරක පැමිණීම ද 19%කින් අධික වර්ධනයක් දැක්වූ අතර මේ සඳහා චීනය, හොංකොං හා මැකාවො රාජ්‍යවලින් පැමිණි සංචාරකයන්යෝ දායක වූහ.
     
    නැගෙනහිර යුරෝපයේ පැමිණීම 11.4%තෙක් අඩුව ඇති නමුත් රුසියාවෙන් පැමිණි ප්‍රමාණය 7.8%ක් හා යුක්රේනයෙන් පැමිණි ප්‍රමාණය 17.4%ක් දක්වා වර්ධනයත් සමඟ පෙර තත්ත්වයට ම පත් වෙමින් තිබේ.
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya