ජනවාරි 13, 2025
tami eng youtube  twitter facebook

    මැතිවරණ ප්‍රචාරක කටයුතු ඡන්ද විමසීමට පැය 48කට පෙර අවසන් Featured

    ජූලි 14, 2015

    2015 අගෝස්තු 17වෙනිදා පැවැත්වෙන පාර්ලිමේන්තු මහ මැතිවරණයට සම්බන්ධ සියලුම ප්‍රචාරක කටයුතු ඡන්ද විමසීමට පැය 48කට පෙර එනම් 2015 අගෝස්තු 14 දින මධ්‍යම රාත්‍රී 12.00ට අවසන් කළ යුතු බව මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතා නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

     

    මෙසේ නිහඩ කාල සීමාවක් ලබා දී ඇත්තේ, ඡන්ද දායකයාට තමා ලත් සියලු තොරතුරු පිළිබඳව හොඳින් සිතා බලා සුදුසු තීරණයක් ගැනීමට කාල වේලාව ලබා දීම සඳහා ය.

     

    එබැවින් මෙම කාල සීමාව තුළ විද්‍යුත් හා මුද්‍රිත මාධ්‍ය මඟින් කිසිඳු දේශපාලන පක්ෂයක හෝ ස්වාධීන කණ්ඩායමක අපේක්ෂකයෙකු ප්‍රවර්ධනය වන හෝ අගතියට පත්වන ආකාරයේ කිසිදු හෝ ප්‍රචාරණයක් සිදු කළ නොහැකිය.

     

    එහෙත් 2015.08.14 දින දේශපාලන පක්ෂ හා ස්වාධීන කණ්ඩායම්වල අවසන් ප්‍රචාරක රැලි පැවැත්වෙන හෙයින් ඒවායේ විස්තර පමණක් 2015.08.15 දින ප්‍රසිද්ධ කිරීමට/ ප්‍රචාරය කිරීමට ඉඩදිය හැකිය.

     

    එසේ වුවද මෙයට පෙර ද ඔබ වෙත දන්වා ඇති පරිදි 15 හෝ 16 දෙදින වෙනත් පක්ෂ/ අපේක්ෂක ප්‍රචාරණ වෙළඳ දැන්වීම්ල දේශපාලනමය වැදගත්කමක් ඇති වාර්තා/ ලිපි/ වැඩසටහන් යනාදිය පළකිරීම හෝ ප්‍රචාරය කිරීම නොකළ යුතුය.

     

    තවද 2015.08.14 දින පැවති රැස්වීම් වාර්තා ප්‍රමාද වී ලැබීම හේතුකොට ගෙන එකී රැස්වීම් වාර්තා 2015.08.16 දින ප්‍රවෘත්ති පත්‍රවල පළ කිරීමට එකඟ විය නොහැක.

     

    තවද 2015.08.15/ 16 දින දෙකෙහි දී හා 2015.08.17 දින පස්වරු 06.00 දක්වා පක්ෂ/අපේක්ෂක ප්‍රචාරණයට අදාළ වෙළඳ දැන්වීම්, දේශපාලනමය වාර්තා, ලිපි, වැඩසටහන් යනාදිය පළ කිරීමෙන්/ ප්‍රසිද්ධ කිරීමෙන්/ ප්‍රචාරය කිරීමෙන් වැළකී සිටින ලෙස ද මැතිවරණ කොමසාරිස්වරයා ඉල්ලීමක් කරයි.

     

    SDF

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya