ජනවාරි 13, 2025
tami eng youtube  twitter facebook

    ව්‍යවසායකත්ව හා කළමනාකරණ විද්‍යාපීඨය හෙට විවෘත කෙරේ

    ජූලි 14, 2015

    මහරගම ව්‍යවසායකත්ව හා කළමනාකරණ ජාතික අධ්‍යාපන විද්‍යාපීඨය අධ්‍යයන කටයුතු සඳහා හෙට (15) පස්වරු 2.00ට අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් උපාලී මාරසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් විවෘත කෙරෙන බව අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කරයි.

    නවීන පහසුකම් සහිත දේශන ශාලා සංකීරණයක්, වායු සමීකරණ සම්මන්ත්‍රණ ශාලා, නේවාසිකාගාර පහසුකම්, අන්තර්ජාල ප්‍රවේශ කලාපයක් හා පරිගණක පහසුකම් සියල්ල සපිරි නවීනතම ඉගෙනුම් පහසුකම් රැසකින් සමන්විතව මෙම විද්‍යාපීඨය ඉදි කර තිබේ.

    මෙම විද්‍යාපීඨය සඳහා ගුරු ශික්ෂණලාභීන් 400කට පමණ කැඳවීම් කර ඇත. විශේෂිත කඩිනම් අධ්‍යයන සැලැස්මක් යටතේ මෙම ශික්ෂණලාභීන්ගේ පුහුණු කටයුතු කරන අතර මෙම අධ්‍යයන වර්ෂයට බඳවාගත් සෙසු ශික්ෂණලාභීන්ගේ පුහුණු කටයුතු කරන අතර මෙම අධ්‍යයන වර්ෂයට බඳවාගත් සෙසු ශික්ෂණලාභීන් සමඟ එකාබද්ධව අධ්‍යයන කටයුතු නිම කිරීමට මෙම පිරිසට ද එමඟින් හැකිවේ.

    kpm

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya