ජනවාරි 13, 2025
tami eng youtube  twitter facebook

    චීන - ශ්‍රී ලංකා ඒකාබද්ධ ‘සේද මාවත’ යුද අභ්‍යාසය නිමා වේ Featured

    ජූලි 14, 2015
    යුද හමුදාපතිතුමාගේ ආශිර්වාදයෙන් චීන මහජන විමුක්ති හමුදාව සහ ශ්‍රී ලංකා යුද හමුදාව එක්ව පවත්වනු ලැබූ ‘සේද මාවත’ යුද අභ්‍යාසයයේ අවසන් උත්සවය  ඊයේ (13) මාදුරු ඔය විශේෂ බලකා පුහුණු පාසලේදී පවත්වනු ලැබීය.   
     
    මෙම අවස්ථාවෙ හි යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් ක්‍රිෂාන්ත ද සිල්වා මහතා සම්භාවනීය ආරාධිත අමුත්තා ලෙස සහභාගී වූ අතර ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස  ශ්‍රී ලංකාවේ චීන මහජන සමූහාණ්ඩුවේ තානාපති යි සියැන්ග්ලියෑන් මහතා සහභාගි විය. 
     
    චීන මහජන විමුක්ති හමුදාවේ ලුතිතන් කර්නල් කුයි කුයෑන්ග් ඇතුළු යුද හමුදා සාමාජිකයන් 43 දෙනෙකු සහ  ශ්‍රී ලංකාවේ කොමාන්ඩෝ රෙජිමේන්තුවේ සහ විශේෂකාර්ය බලකායේ සෙබළුන් එක්ව පවත්වනු ලැබූ ‘සේද මාවත’ යුද අභ්‍යාසය -පසුගිය කාලයේ බුත්තල නිලධාරී ප්‍රගමන ප්‍රවර්ධන මධ්‍යස්ථානයේ දී ආරම්භ වුණි. 
     
    යුද හමුදා මූලස්ථාන පුහුණු අධ්‍යක්ෂ මණ්ඩලය විසින් සංවිධානය කරනු ලැබූ ඒකාබද්ධ ‘සේද මාවත’  යුද අභ්‍යාසය අදියර තුනක් යටතේ පැවැත්වූ අතර පළමු අදියර කොමාන්ඩෝ රෙජිමේන්තු පුහුණු පාසල - ඌව කුඩා ඔය, දෙවන අදියර කොමාන්ඩෝ රෙජිමේන්තු මූලස්ථානය - ගනේමුල්ල සහ තෙවන අදියර විශේෂ බලකා පුහුණු පාසල - මාදුරු ඔය යන ස්ථානයන් හි පැවැත්විය. ප්‍රභූ ආරක්ෂක අධ්‍යයනය, සජීවී වෙඩි තැබීම්, මංතීරු වෙඩි තැබීම්, ස්නයිපර් වෙඩිතැබීම්, ශරීර ආරක්ෂා පිහිටුවීම, සැඟවීමේ අභ්‍යාස, තාක්ෂණික පිරික්සුම්, තත්ත්ව පුහුණු අභ්‍යාස, ගරිල්ලා සටන් අභ්‍යාස, වාහන ආශ්‍රිත සැඟවී සිට ප්‍රහාරදීමේ අභ්‍යාස, ගුවන් යානා සහ ගොඩනැගිලි විකල්ප පුහුණු ආදිය අදියර තුන යටතේ පැවැත්විණි.
     
    මේ සඳහා සහභාගි වූවන් සඳහා පදක්කම් සහ කුසලාන ප්‍රදානය කිරීම ප්‍රධාන ආරාධිත අමුත්තා සහ යුද හමුදාපතිතුමා විසින් සිදු කරන ලදී.
     
    සමාප්ති උත්සවයේ වැඩ කටයුතු අවසන් කරමින් දෙරට අතර සමරු ඵලක හුවමාරුවක් ද සිදු විය.   
     
    මෙහි සමාප්ති උත්සවය සඳහා විශේෂ බලකායේ කර්නල් සේනාවිධායක මේජර් ජෙනරාල් සුමේධ පෙරේරා, කොමාන්ඩෝ රෙජිමේන්තුවේ රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරාල් ප්‍රසන්න සිල්වා, යුද හමුදා පුහුණු අණසකෙ හි ආඥාපති මේජර් ජෙනරාල් මනෝ පෙරේරා, නැගෙනහිර ආරක්ෂක සේනා මූලස්ථාන ආඥාපති මේජර් ජෙනරාල් ජනක වල්ගම, පුහුණු අධ්‍යක්ෂක බ්‍රිගේඩියර් ජයසේකර මහත්වරු, විශේෂ බලකා පුහුණු පාසලේ ආඥාපති සමඟින් ජ්‍යෙෂ්ඨ නිලධාරීහු රැසක් ද සහභාගී වූහ.
     
    ‘සේද මාවත’ යුද අභ්‍යාසයේ පළමු අදියර මේ වසරේ මුල් භාගයේ දී අතිසාර්ථකව මාර්තු  29 සිට අප්‍රේල් 17 දක්වා ශ්‍රී ලංකාවේ කොමාන්ඩෝ සෙබළුන් 42කගේ සහභාගීත්වයෙන් චීනයේ දී පැවැත්විණි.
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya