ජනවාරි 16, 2025
tami eng youtube  twitter facebook

    හසලක ගාමිණී රණ විරුවගේ 24 වන සංවත්සරය සඳහා පුෂ්පෝපහාර

    ජූලි 16, 2015
    අලිමංකඩ කඳවුරේදී ත්‍රස්තවාදීන්ගෙන් තම මිතුරු හමුදා සෙබළුන්ගේ ජීවිත බේරාගැනීම සඳහා ස්වේච්ඡාවෙන් සිය ජීවිතය පූජා කළ 6 වන ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවට අයත් කෝප්‍රල් ගාමිණී කුලරත්න නොහොත් හසලක ගාමිණී රණ විරුවාගේ 24 වන සංවත්සරය පසුගිය 14දාට යෙදී තිබුණු අතර ඒ වෙනුවෙන් අලිමංකඩ හසලක ගාමිණී විරුවගේ පිළිරුව වෙත පුෂ්පෝපහාර දක්වනු ලැබීය. 
     
    මෙම අවස්ථාවෙ හි ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගි වූ 66 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් ඒ.පී ද ඉසෙඩ් වික්‍රමරත්න මහතා ස්මාරකය වෙත පුෂ්පෝපහාර දැක්වීමෙන් පසු අනෙකුත් ජ්‍යෙෂ්ඨ නිලධාරීහු ද ස්මාරකය වෙත පුෂ්පෝපහාර දක්වනු ලැබූහ.
     
    මෙම අවස්ථාව සඳහා 663 බල සේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් සී.ඩී. වීරසූරිය, 662 බල සේනාවේ බල සේනාධිපති කර්නල් ජී.ඩී. සූරියබණ්ඩාර ඇතුළු නිලධාරීහු සහ සෙසු නිලයන් බොහෝ පිරිසක් සහභාගි වූහ.
     
    1991 ජූලි 14 දින එල්.ටී.ටී.ඊය විසින් පුපුරන ද්‍රව්‍ය රැගත් බුල්ඩෝසරයක් අලිමංකඩ යුද හමුදා කඳවුරට ඇතුළු කිරීමට වෑයම් කරන ලද අවස්ථාවේදී ලාන්ස්  කෝප්‍රල් ගාමිණි කුලරත්න එය වැලැක්වීම සඳහා සිය කැමැත්තතෙන්ම තම ජීවිතය පුජා කර ඇත. එම වීර ක්‍රියාව නිමිත්තෙන්  කෝප්‍රල් ගාමිණී කුලරත්නයන් ‘පරම වීර විභූෂයෙන්’ ද පිදුම් ලැබීය.
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya