ජනවාරි 16, 2025
tami eng youtube  twitter facebook

    මැතිවරණයට නිල වාහන භාවිත කරන්නන් ඒ සඳහා මාසික ගාස්තුවක් ගෙවිය යුතුයි

    ජූලි 16, 2015
    ඉදිරි පාර්ලිමේන්තු මහ මැතිවරණය පැවැත්වෙන කාල සීමාව තුළ දී අග්‍රාමාත්‍යවරයා හා සෙසු අමාත්‍යවරුන් සිය පක්ෂයේ හා අපේක්ෂකත්වයේ  ප්‍රවර්ධනය සඳහා නිල වාහන පාවිච්චි කරන්නේ නම්, ඒ සඳහා අමාත්‍යාංශ ලේකම්ගේ අනුමැතිය ලබා ගත යුතු බවත් පාවිච්චි කරන වාහනය සඳහා මසකට අදාළ මුදල් භාවිතයට පෙර හෝ පසු ව ගෙවිය යුතු බවත් කැබිනට් මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි.
     
    අද (16) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තු ශ්‍රවණාගාරයේ පැවති කැබිනට් මාධ්‍ය හමුවේදී මේ පිළිබඳ ව අදහස් දැක්වූ ඔහු ඒ පිළිබඳ ව අමාත්‍යාංශ ලේකම්වරයා වගබලා ගත යුතු බව ද කීය.
     
    අමාත්‍ය මණ්ඩල තීරණය අනුව අග්‍රාමාත්‍යවරයා, විපක්ෂ නායකතුමා, පළාත් ප්‍රධාන අමාත්‍යවරුන්, නියෝජ්‍ය කතානායකතුමා, අමාත්‍යවරුන්, රාජ්‍ය අමාත්‍යවරුන්, නියෝජ්‍ය අමාත්‍යවරුන් ඇතුළු ව තමන් විසින් දරන ලද තනතුරට හිමි වරප්‍රසාදයක් වශයෙන් රජය හෝ පළාත් සභා විසින් සපයනු ලබන නිල වාහන පරිහරණය කරන තැනැත්තන් එකී නිල වාහන 2015 පාර්ලිමේන්තු මහ මැතිවරණයේදී සිය පක්ෂයේ/ අපේක්ෂකත්වයේ  ප්‍රවර්ධනය සඳහා යොදා ගනු ලබන්නේ නම් එක් වාහනයක් සඳහා රුපියල් 100,000/-ක මාසික ගාස්තුවක් ගෙවිය යුතුයි.
     
    එම වාහන සඳහා වන ඉන්ධන වියදම් ද සිය පෞද්ගලික මුදලින් දැරිය යුතුයි.
     
    සිය පක්ෂයේ/ අපේක්ෂකත්වයේ  ප්‍රවර්ධනය සඳහා ගුවන් යානා හෝ හෙලිකොප්ටර් භාවිත කරන්නේ නම් ඒ සඳහා වන සියලු ම වියදම් පෞද්ගලිකව දැරිය යුතුයි.
     
    නිල වාහන සඳහා වන ගාස්තු අදාළ අමාත්‍යාංශයට/ පළාත් සභාවට/ අදාළ බලධාරීන්ට ගෙවිය යුතු අතර ගුවන් යානා හෝ හෙලිකොප්ටර් සඳහා වන ගාස්තු අදාළ ආයතනවල ගෙවිය යුතුය.  
     
    මේ පිළිබඳ ව මැතිවරණ කොමසාරිස්වරයා හා දේශපාලන පක්ෂ ලේකම්වරුන් ද සාකච්ඡාවකදී එකඟ වී ඇත. ඒ අනුව අය කළ යුතු ගාස්තු සම්බන්ධයෙන් අමාත්‍ය මණ්ඩලය විසින් තීරණය කළ යුතු බවට මැතිවරණ කොමසාරිස්වරයා යෝජනා කර ඇති අතර එම ගාස්තු සම්බන්ධයෙන් ඉදිරිපත් කර ඇති යෝජනාවට අමාත්‍ය මණ්ඩලයේ ද අනුමැතිය ලැබී ඇත.
     
    NDH

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya