ජනවාරි 16, 2025
tami eng youtube  twitter facebook

    නීති විරෝධී මත්ද්‍රව්‍ය ජාවාරම් මැඩලීමට දායක වූ නාවිකයන්ට ප්‍රශංසා

    ජූලි 20, 2015
    පසුගිය සති දෙකක කාලය තුළ දී මන්නාරම මුහුදු සීමාවෙන් මෙරටට ගෙන ඒමට උත්සහ දැරූ නීති විරෝධී කේරළ ගංජා විශාල තොගයක් අත්අඩංගුවට ගැනීම සඳහා දායක වූ නාවික හමුදාවට අයත් පුද්ගලයන් හට ‍නාවික හමුදාපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා විසින් ප්‍රශංසාත්මක ලිපි ප්‍රදානය කිරීම පූනෑවෙහි පිහිටි ˝මාලිමා පිළිගැනීම් ශාලාවේදී˝ ඊයේ (19) සිදු විය. ‍
     
    නාවික හමුදාධිපතිවරයා උතුරු මැද නාවික විධානයේ සංචාරයක නිරත වූ අවස්ථාවේ දී මෙම ප්‍රශංසාත්මක ලිපි ප්‍රදානය සිදු කෙරිණි.  
     
    පැමිණ සිටි නිලධාරීන් හා නාවිකයන් ඇමතූ නාවික හමුදාධිපතිවරයා කියා සිටියේ මත්ද්‍රව්‍ය ජාවාරම් මැඩලීමේ ජාතික අවශ්‍යාතාවයට ලබාදුන් දායකත්වය පිළිබඳ ව ඔවුනට සිය ප්‍රශංසාව පුදකරන බවත්, නිරතුරුවම අවධියෙන් සිටිමින් මෙම නීති විරෝධී ජාවාරම් මැඩළීමට සිදුකරන කැපකිරීම් නාවික හමුදාවට විශාල ගෞරවයක් බවත් ය. ඉදිරි නාවික මෙහෙයුම් සිදුකළ යුත්තේ කෙසේද යන්න පිළිබඳවත් දීර්ඝ වශයෙන් ඔවුන් වෙත මෙහිදී අවශ්‍ය උපදෙස් ලබාදුනි.
     
    මෙම අවස්ථාවට උතුරු මැද නාවික පෙදෙස භාර ආඥාපති රියර් අද්මිරාල් දිමුතු ගුණවර්ධන හා උතුරු මැද පළාතේ සේවය කරන නිලධාරීන් හා නාවිකයන් රැසක් ද එක්ව සිටියහ.
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya