ජනවාරි 16, 2025
tami eng youtube  twitter facebook

    විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ ත්‍රිවිධ හමුදා නිලධාරීන් ආරක්‍ෂක ලේකම් හමුවේ

    ජූලි 21, 2015
    ත්‍රිවිධ හමුදාවට අයත් විශ්‍රාමික ධජ නිලධාරින්ගේ සංගමයේ (Association of Retired Flag Rank Officers) සාමාජිකයන් පිරිසක් ඊයේ (20) සන්ධ්‍යාවේ ආරක්‍ෂක අමාත්‍යංශ පරිශ්‍රයේ දී ආරක්‍ෂක අමාත්‍යාංශ ලේකම් බී.එම්.යු.ඩී. බස්නායක මහතා හමුවිය. 
     
    මේ අවස්ථාව සඳහා විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ ත්‍රිවිධ හමුදා නිලධාරින් 7 දෙනෙකුගෙන් යුත් පිරිසක් සහභාගි විය. මෙහිදී විශ්‍රාමික ධජ නිලධාරින්ගේ සංගමය මගින් ක්‍රියාත්මක කරනු ලබන සුභ සාධන කටයුතු සහ ඉදිරියේදී ඔවුන් සංවිධානය කිරීමට නියමිත වැඩසටහන් පිළිබඳව ආරක්‍ෂක ලේකම්වරයා සමග සාකච්ඡා කරන ලද අතර තවදුරටත් එහි කටයුතු සඳහා ත්‍රිවිධ හමුදාවන් සම්බන්ධිකරණය ආරක්‍ෂක අමාත්‍යංශය හරහා සිදු කිරීම සම්බන්ධයෙන් සාකච්ඡා කරන ලදී. මෙහිදී එම කටයුතු සහ සංගමයේ ඉල්ලීම් වෙනුවෙන් ආරක්‍ෂක අමාත්‍යංශය වෙතින් දිය හැකි උපරිම සහෝගය ලබා දීමටද ආරක්‍ෂක අමාත්‍යංශ ලේකම්තුමන් ද සිය එකඟතාවය පල කරන ලදී.
     
    විශ්‍රාමික ධජ නිලධාරින්ගේ සංගමය 1996 වසරේ ආරම්භ කර ඇති අතර මේ වනවිට එහි 200 කට අධික සාමාජිකයන් පිරිසක් ක්‍රියාකාරිව සිටිති. ඒ අතුරින් 10 දෙනෙකු හමුදාපතිවරුන් ලෙස සේවය කොට විශාම ගත් නිලධාරින් වෙති. ඒ අතුරින් තවත් 5 දෙනෙකු විදේශ සේවයේ තානාපතිවරුන් සහ මහා කොමසාරිස්වරුන් ලෙස සේවය කරන අතර තවත් තිදෙනෙකු ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී ලෙස සේවයෙන් විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ නිලධාරින් වේ. මූලික වශයෙන් මොවුන් විශ්‍රාමික හමුදා සාමාජිකයන්ගේ පවුල් ඔවුන්ගේ දරුවන් සහ යුද්ධයෙන් සැමියන් අහිමිවූ වැන්දඹුවන් සහ දරුවන් ඉලක්ක කර සුභ සාධන වැඩසටහන් ක්‍රියාත්මක කරනු ලබයි.
     
    හමුව අවසානයේ විශ්‍රාමික ධජ නිලධාරින්ගේ සංගමයේ සභාපතිතුමන් විසින් ආරක්‍ෂක ලේකම්වරයා වෙත සමරු තිළිණයක් ප්‍රදානය කළ අතර ආරක්‍ෂක අමාත්‍යංශ ලේකම්තුමන් ද ජ්‍යෙෂ්ඨ නිලධාරින්ගේ සංගමය වෙත සමරු තිළිණයක් ප්‍රදානය කරන ලදී. මෙම අවස්ථාව සඳහා හමුදා සම්බන්ධතා නිලධාරි මේජර් ජෙනරාල් ප්‍රසන්න ද සිල්වා මහතා ඇතුළු අමාත්‍යාංශයේ නිලධාරී පිරිසක් ද සහභාගි වූහ.
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya