ජනවාරි 16, 2025
tami eng youtube  twitter facebook

    කන්තලේ සීනි කර්මාන්තායතනය නැවත ආරම්භ කිරීමට පියවර ගැනේ

    ජූලි 28, 2015

    කන්තලේ සීනි කර්මාන්තායතනය නැවත ප්‍රතිසංස්කරණය කරමින් නඟා සිටුවීම සඳහා එම් ජී ශුගර් ලංකා පුද්ගලික සමාගම සමඟ ආයෝජන ගිවිසුමක් අත්සන් තැබීම සඳහා උත්සවයක් ඊයේ (27) ගලධාරී හෝටලයේ දී පැවැත්විණි. උක් වගාව, සීනි නිෂ්පාදනය සහ පශු සම්පත් ක්ෂේත්‍රයේ මනා පලපුරුද්දකින් හෙබි බැංග්ලෝරයේ ශ්‍රී ප්‍රභූලින්ගේෂ්වර ශුගර් සහ කෙමිකල්ස් මෙහි තාක්ෂණික හවුල්කරුවන් ලෙස කටයුතු කරයි.

     

    ඉඩම් අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් පැවති උත්සවය අතරතුරදී ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ සභාපති උපුල් ජයසූරිය මහතා සහ එම් ජී ශුගර් ලංකා පුද්ගලික සමාගමේ සභාපති මෙන්ඩල් ග්ලක් මහතා (Mendle Gluck) අතර මෙම ව්‍යෘපෘතියේ ආයෝජන ගිවිසුම අත්සන් තැබිණි.

     

    මෙම ව්‍යාපෘතියේ සියයට 51ක කොටස් ශ්‍රී ලංකා රජය සතු වන අතර ඉතිරි 49 විදේශ ආයෝජන වලින් සමන්විත වේ. මෙම ව්‍යාපෘතිය අවුරුදු 30ක කාලයකින් යුතු වන අතර ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම, පවත්වාගෙන යාම සහ නැවත පැවරීම යන ක්‍රමය පදනම් වූවකි.

     

    විදේශ ආයෝජකයා විසින් ඇමරිකානු ඩොලර් මිලියන 110ක් මෙම කර්මාන්තායකනය සඳහා ආයෝජනය කරනු ඇත. මෙම සම්පූර්ණ ආයෝජනය දේශීය අරමුදල් භාවිතයෙන් තොරව සිදු කරන බව උත්සව අවස්ථාව ඇමතූ ඉඩම් අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.

     

    මෙහි ප්‍රථම අදියරේ දී දුඹුරු සීනි මෙට්‍රික් ටොන් 18,000ක් නිෂ්පාදනය කිරීමටත් වසර 05ක් අවසන් වනවිට එය මෙට්‍රික් ටොව් 72,000ක වාර්ෂික නිෂ්පාදනයක් දක්වා පුළුල් කිරීමටත් අපේක්ෂිතය.

     

    කන්තලේ සීනි කර්මාන්තායතනය ඉඩම් අක්කර 21,233 රූඩ් 02 පර්චස් 30ක් පුරා පැතිර පවතියි. මෙම ව්‍යාපෘතියට අදාළ ඉඩම් කළමනණාකරණය සම්පූර්ණ වශයෙන් ඉඩම් අමාත්‍යංශය හා ඉඩම් කොමසාරිස් ජනරාල් දෙපාර්තමේන්තුව ඒකාබද්ධව සිදු කිරීමට නියමිත අතර, ආයතන දෙකෙහි ඒකාබද්ධ වැඩපිළවෙළක් මඟින් උක් වගාව සඳහා සුදුසු ඉඩම්ලාභීන් තෝරාගනු ඇත.

     

    ඒ අනුව, ඉඩම් අමාත්‍යංශය, ආයෝජක සහ ඉඩම්ලාභීන් අතර ඇති කරගන්නා ත්‍රෛපාර්ශවික ගිවිසුමකට අනුව වගා වැඩ පිළිවෙළ ක්‍රියාත්මක වනු ඇත. උක් වගාවටම පමණක් සීමා වූ කොන්දේසි සහිතව ඉඩම් අමාත්‍යංශය සහ ඉඩම්ලාභීන් අතර එකඟතාවන්ට එළඹීම, උක් නිෂ්පාදන වෙළඳ පොළ ප්‍රමිතීන්ට අදාළ මිල ගණන් යටතේ මිලදී ගැනීමට හා ඉඩම්ලාභීන්ට උක් වගාවට අවශ්‍ය පහසුකම් සැලසීමට ආයෝජකයා එකඟවීම යන කොන්දේසි මත මෙම ත්‍රෛපාර්ශවික ගිවිසුමට එළඹෙනු ඇත. මෙමඟින් ජනිත වන සෘජු රැකියා ප්‍රමාණය 1,200 හා වක්‍ර රැකියා 15,000 පමණ වනු ඇත.

     

    මෙම අවස්ථාව සඳහා ඉඩම් අමාත්‍යංශ ලේකම් ආචාර්ය අයි. එච්. කේ. මහානාම, එම් ජී ශුගර් ලංකා පුද්ගලික සමාගමේ අධ්‍යක්ෂක කේ.පී. නාගරාජා යන මහත්වරුන් ඉඩම් අමාත්‍යංශ සහ ආයෝජන මණ්ඩලයේ නිලධාරී මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක් සහභාගී වූහ.

     

    SDF

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya