ජනවාරි 16, 2025
tami eng youtube  twitter facebook

    පෞද්ගලික අංශයේ සේවයේ නියුතු පිරිස් ඡන්දයට නිවාඩු ලබා ගැනීම Featured

    ජූලි 28, 2015
    පෞද්ගලික අංශයේ සේවයේ නියුතු පිරිස් සඳහා ජාතික මැතිවරණවලදී වැටුප් හෝ පෞල්ගිලික නිවාඩි අහිමි වීමකින් තොරව ස්වකීය ඡන්දය දීමට හැකිවනු පිණිස ලබා ගැනීමට අවස්ථාව තිබෙන බව මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතා නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.
     
    එහිදී 1981 අංක 1 දරන පාර්ලිමේන්තු මැතිවරණ පනතේ 122 වැනි වගන්තියෙන් විධිවිධාන සලකා ඇති අතර අගෝස්තු 17 වැනි දා පැවැත්වෙන පාර්ලිමේන්තු මැතිවරණයේදී එය නිසි පරිදි ක්‍රියාත්මක විය යුතු බව ද කොමසාරිස්වරයා දන්වා සිටි.
     
    රාජ්‍ය අංශයේ නිලධරයන් විශේෂ නිවාඩු පිළිබඳව ආයතන සංග්‍රහයේ XII වන පරිච්ජේදයේ 12.3 ජේදයේ දක්වා ඇති පරිදි පාර්ලිමේන්තු මැතිවරණයකදී අවම කාලය පැය 4ක් ලෙස ද ඡන්දය ප්‍රකාශ කිරීමට යාම පිණිස අව්‍යයැයි නැගෙන අඛන්ඩ කාලයක් සඳහා වැටුප් අඩු කිරීමක් නොමැතිව විහේෂ නිවාඩු ලබා දිය යුතු බව ද දක්වා ඇත.
     
    එසේ වුවද පෞද්ගලික අංශයේ සේවා නියුක්තීන්ට ලිඛිත නියමයකින් පැන වූ එවැනි විශේෂ නිවාඩු ලබාදීමේ ක්‍රමාවේදයක් නොමැති හෙයින් බොහෝ සේවා යෝජකයින් තම සේවා නියුක්තීන්ට ඡන්දය පාවිච්චි කිරීම සඳහා  වූ නිවාඩු ලබා නොදෙන බවට පසුගිය ඡන්ද විමසීම් කිහිපයකිදී ම පැමිණිළි ලැබී ඇත.
     
    එබැවින් ඉහත කරුණට අදාළව 2014.12.22 දින ශ්‍රී ලංකා මානව හිමිකම්  කොමිෂන් සභාව විසින කම්කරු හා කම්කරු සබඳතා අමාත්‍යාංශයේ ලේකම් , කම්කරු කොමසාරිස් ජනරාල්, මැතිවරණ කොමසාරිස් කැඳවා කොමිෂන් සභාවේ සභාපතිවරයා, කොමසාරිස්වරයා හා නීති ලේකම්වරයා ඇතුලු සෙසු නිලධාරීන්ට සමඟ මානව හිමිකම් කොමිෂන් සභාවේදී පවත්වනු ලැබූ සාකච්ඡාවේදී එකඟත්වයට පැමිණි ඇත.
     
    ඒ අනුව පෞද්ගලික අංශයේ සේවකයින්ට ජාතික මැතිවරණයකදී ඡන්දය පාවිච්චි කිරීමට යෑමට හා ඊමට නිවාඩු ලබාදීම සඳහා දුර හා කාලය අතර සම්බන්ධතාවක් සකස් කරන ලෙස කොමිෂන් සභාව විසින් කරන ලද දැන්වීම අනුව පහත සඳහන් පරිදි කටයුතු කිරීමට මැතිවරණ දෙපාර්තමේන්තුව නිර්දේශ කර ඇත.
     

    ඡන්දය පාවිච්දි කිරීම සඳහා ලබාදිය යුතු අවම නිවාඩු කාලසීමාවසේවා ස්ථානයේ සිට තම ඡන්ද පොළට යා යුතු දුර ප්‍රමාණය

    ලබාදිය යුතු අවම නිවාඩු කාලසීමාව

    කි.මී.40ක් හෝ ඊට අඩු නම්                    

    කි.මී.40ක් - 100ත් අතර නම්                   

    කි.මී.100ක් - 150ත් අතර නම්                 

    කි.මී.150ට වැඩි නම්                               

    දින භාගයක්

    දින එකක්

    දින එක හමාරක්

    දින දෙකක්

     
     
    ඉහත සටහනින් යෝජනා කර ඇත්තේ ලබාදිය යුතු අවම කාලය වන අතර දිවයිනේ සමහර ඡන්දදායකයින්ට ඡන්ද පොළට යාමට හා ඊමට දින තුනක් අවශ්‍යවන අවස්ථා ද සැලකිය යුතු සංඛ්‍යාවක් තිබෙන හෙයින් අවස්ථාවෝචිතව දින 3ක් නිවාඩු දීමට සිදු වන බව ද සැලකිල්ලට ගත යුතු බව කොමසාරිස්වරයා නිවේදනයේ සඳහන් කරයි.
     
    මෙහිදී සේව නියුක්තීන් විසින් ලිඛිත ඉල්ලීමක් මඟින් නිවාඩු ඉල්ලුම් කළ යුතුය.
     
    ඉහත කරුණු සැලකිල්ල ගනිමින් ස්වකීය ආයතනයේ සේවා නියුකතීන්ට ඡන්දය දීමට යාමට හා ඊමට ප්‍රමාණවත් නිවාඩු ලබා දෙන ලෙස සියලුම සේවා යෝජකයන්ගෙන් මැතිවරණ කොමසාරිවරයා ඉල්ලා සිටි.
     
    kpm

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya