ජනවාරි 16, 2025
tami eng youtube  twitter facebook

    තැපැල් ඡන්ද සලකුණු කිරීමට තවත් අවස්ථා දෙකක් Featured

    අගෝස්තු 10, 2015
    තැපැල් ඡන්දය දීමට පූර්වයෙන් නියම කර තිබූ දිනවලදී අත්‍යාවශ්‍ය රාජකාරිවල නිරත වීම නිසා ස්වකීය සේවා ස්ථානයේ දී තැපැල් ඡන්දය දීමට නොහැකි වූ තැපැල් ඡන්ද හිමියන්ට හෙට (11)පෙරවරු 8.30ට පස්වරු 3.30දක්වා හා 14දා පෙරවරු 8.30 සිට පෙරවරු 11.30දක්වා අවස්ථාව ලබාදීමට මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතා නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.
    එබැවින් මෙතෙක් සිය තැපැල් ඡන්දය සලකුණු කිරීමට අපොහොසත් වූ තැපැල් ඡන්ද හිමියන්ට තම කාර්යාලය පිහිටි දිස්ත්‍රික්කයේ, දිස්ත්‍රික් මැතිවරණ කාර්යාලයේ දී එම පහසුකම සලසා ඇත.
    හෙට දිනයත් අධ්‍යාපන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාග රාජකාරි යෙදී තිබීම නිසා තැපැල් ඡන්දය දීමට නොහැකි වන ගුරුවරුන්ට, විදුහල්පතිවරුන්ට හා අධ්‍යාපන නිලධාරීන්ට පමණක් ලබන (14) පෙරවරු 8.30 සිට පෙරවරු 11.30දක්වා ස්වකීය පාසල හෝ කාර්යාලය පිහිටි දිස්ත්‍රික්කයේ දිස්ත්‍රික් මැතිවරණ කාර්යාලයේ දී තැපැල් ඡන්දය දීමේ පහසුකම් ලබාගත හැකිය.
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya