ජනවාරි 16, 2025
tami eng youtube  twitter facebook

    උසස් පෙළ ඉංජිනේරු තාක්ෂණ විෂය ව්‍යාජ ලෙස වෙනස් කළ සිසුවිය වරද පිළිගනී

    අගෝස්තු 10, 2015

    මේ වන විට ආරම්භ කර තිබෙන උසස් පෙළ විභාගයේ ඉංජිනේරු තාක්ෂණවේදය විෂයේ උපදෙස් කොටසේ ව්‍යාජ ලෙස වෙනස් කර මුහුණු පොතට දැමූ සිසුවිය වරද පිළිගෙන විභාග දෙපාර්තමේන්තුවෙන් සමාව ගත් බව විභාග කොමසාරිස් ජනරාල් ඩබ්ලිව්.එම්.එන්.ජේ. පුෂ්පකුමාර මහතා රජයේ නිල පුවත් වෙබ් අඩවියට අද (10) පැවසීය.


    ගම්පහ ප්‍රසිද්ධ බාලික පාසලක මෙවර උසස් පෙළ විභාග සඳහා පෙනී සිටින අපේක්ෂිකාවක් ඉංජිනේරු තාක්ෂණවේදය විෂයේ පළමු පත්‍රයේ උපදෙස් කොටස වෙනස් කර ඉංජිනේරු තාක්ෂණවේද විෂයේ දෙවැනි කොටසේ උපදෙස් ලෙස සකස් කර තිබේ.

    එසේ සකස් කළ ව්‍යාජ ප්‍රශ්න පත්‍රය ඇය විසින් මුහුණු පොතට ඇතුළත් කළ බවත් එය තමා ව්‍යාජ ලෙස සකස් කළ බව ඇය පිළිගත් බවත් විභාග කොමසාරිස් ජනරාල්වරයා සඳහන් කළේය.

    එසේ ම ඇය එය ව්‍යාජ ලෙස සකස් කළ බව පිළිගන්නා බව තමා වෙත ලිඛිතව දන්වා ඇති බව ද ඒ මහතා පැවසීය.

    ඒ සම්බන්ධයෙන් කඩිනම් පරීක්ෂණයක් ආරම්භ කර තිබෙන අතර එවැනි වැරදි සම්බන්ධයෙන් දැඩි දඩුවම් නියම කිරීමට ද කටයුතු කරන බව විභාග කොමසාරිස් ජනරාල්වරයා වැඩිදුරටත් පැවසීය.

    kpm

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya