ජනවාරි 16, 2025
tami eng youtube  twitter facebook

    යල කන්නයේ වී මිලදී ගැනීමට මධ්‍යස්ථාන 137ක් Featured

    අගෝස්තු 10, 2015

    යල කන්නයේ දි ගොවීන් විසින් නිෂ්පාදිත වී මිලදී ගැනීමේ කටයුතු කඩිනම් ව හා විධිමත් කිරීම සඳහා අග්‍රාමාත්‍යවරයාගේ උපදෙස් මත වී අලෙවි මණ්ඩලය විසින් දිවයින් පුරා වී මිල දී ගැනීමේ මධ්‍යස්ථාන 137ක් මේ වනවිට ආරම්භ කර ඇතැවි වී අලෙවි මණ්ඩලයේ සභාපති එම්. බී. දිසානායක මහතා පවසයි.

     

    යල කන්නයේ වී අස්වනු මිලදී ගැනීම ක්‍රමවත්ව සිදුවේදැයි සොයා බැලීම සඳහා අග්‍රාමාත්‍යවරයා ඊයේ (09) පස්වරුවේ අග්‍රාමාත්‍ය ලේකම් සමන් ඒකනායක මහතාට වහා ප්‍රගති වාර්තාවක් ලබා දෙන්නැයි උපදෙස් දී ඇත.

     

    ඒ අනුව මේ වනවිට සමස්ත දිවයින පුරාම වී මිල දී ගැනීමේ මධ්‍යස්ථාන 137ක් පිහිටුවා ඇති අතර ගබඩා 77කට වී තොග ලැබෙමින් පවතින බව වී අලෙවි මණ්ඩලය අවධාරනය කරයි.

     

    තවද වී මිල දී ගැනීමේ කටයුතු සම්බන්ධිකරණය කිරීම සඳහා ප්‍රාදේශීය කළමණාකරුවන් 05ක් සම්බන්ධිකරණ නිලධාරීන් වශයෙන් පත් කර ඇත.

     

    ඒ අනුව,
    කුරුණෑගල දිස්ත්‍රික්කයේ හෙට්ටිපොළ, නිකවැරටිය, ගල්ගමුව, මා එලිය සහ මාතලේ රත්තොට ගබඩා සම්බන්ධිකරණ නිලධාරී එන්.ජී.සී. නිශ්ශංක මහතා - 037 2260628, 071 8450226


    ත්‍රිකුණාමලය කල්ලාරු හා ගෝමරන්කඩවල ගබඩා සම්බන්ධිකරණ නිලධාරී ඩබ්. එම්. එන්. ආර් වීරසේකර මහතා - 026 2226691, 077 3913166


    අම්පාර දිස්ත්‍රික්කයේ රජගලතැන්න, මල්වත්ත හා පරගහකැලේ සම්බන්ධිකරණ නිලධාරී ආර්. එම්. රත්නායක මහතා - 063 2224870, 077 7771509


    හම්බන්තොට දිස්ත්‍රික්කයේ කහදාව, මොණරාගල, හුලංදාව, වැල්ලවාය, අලුත්වැව හා රත්නපුර නවනගරය මොරකැටිය කුට්ටිගල ගබඩා සම්බන්ධිකරණ නිලධාරී ඩබ්. ඕ. තිලකරත්න - 047 2225514, 071 4437431


    කිළිනොච්චිය කන්ඩාවේලි, වඩ්ඩකච්චි, වව්නියාව දිස්ත්‍රික්කයේ වෙප්පකුලම්, ඕමන්තේ හා මුලතිව් දිස්ත්‍රික්කයේ මුල්ලියාවේලි ගබඩා සම්බන්ධිකරණ නිලධාරී එන්. එස්. සේනානායක - 021 2060913, 071 8072516

    යන දුරකතන අංක හරහා ප්‍රාදේශීය සම්බන්ධිකරණ නිලධාරීන් සම්බන්ධ කරගනිමින් කිසියම් ගැටලුවක් ඇත්නම් විසඳා ගත හැකිය.

     

    මෙවර යල කන්නයේ දී වී මිලදී ගැනීම සඳහා රජය විසින් වෙන් කර ඇති මුදල රුපියල් මිලියන 6,000කි. මේ වනවිට අදාළ මුදල් සියල්ලම මහා භාණ්ඩාගාරය විසින් මුදා හැර තිබේ.

     

    SDF

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya