ජනවාරි 14, 2025
tami eng youtube  twitter facebook

    සියලු දෙනා එකතු වී රටේ මූලික ප්‍රශ්න ගැන එකඟතාවයක් ඇති කර ගත යුතුයි Featured

    අගෝස්තු 19, 2015

    ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සමඟ එක් වී යහපාලනයක් ද ගෙන යා හැකි බවත් බවත්, ඉදිරියේදී සියලුම පක්ෂ නායකයින් සමග සාකච්ඡා කොට ජාතික වැඩපිළිවෙළක් සකස් කිරීමටත්, සම්මුතියකට ඒමටත් සූදානමින් සිටින බවත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කළේය.

     

    පාර්ලිමේන්තු මැතිවරණයෙන් ජනාවාරී 8 වැනිදා විප්ලවය තහවුරු කර ජනමතය ලැබී ඇති බවත් යහපාලනය අනුමත කර තිබෙන අතර එය ආපසු හැරවීමට නොහැකි බවත් පැවසීය.

     

    අරලියගහ මන්දිරයේදී විශේෂ ප්‍රකාශයක් නිකුත් කරමින් ඒ මහතා මේ බව අද (19) පැවසීය.

     

    ඒ මහතා ප්‍රකාශ කළේ රට වෙනුවෙන් ජාතික කාර්යක් ඉටු කිරීමට තිබෙන බවයි.

     

    ව්‍යාවස්ථානුකූලව ඇමැති මණ්ඩලය, නියෝජ්‍ය ඇමැතිවරුන්ට අමතරව පාර්මේන්තුවේ තේරීම් කාරක සභා පත් කරන අතර දිස්ත්‍රික්ක සංවර්ධනය සඳහා දිස්ත්‍රික්ක කමිටුවල සභාපතිවරුන් ලෙස මන්ත්‍රීවරුන් පත් කරනවා.දේශපාලඥයන් නැති ග්‍රාම සංවර්ධන කමිටු පොකුරු ගම්මාන සඳහා පත් කරන අතර උපදේශක සභාවත් ද ඇති කරන බව අගමැතිවරයා පෙන්වා දුන්නේය.

     

    ආගමික නායකයින් ඇතුළු සියලු දෙනාම එකතු කර ගෙන පරණ දේශාපාලනය ඉවත් කර මේ රටේ මූලික ප්‍රශ්න වෙනුවෙන් කටයුතු කළ යුතු බවත් ඒ මහතා පෙන්වා දුන්නේය.

     

    ජාතික එකඟත්වයක් ඇති කරන ප්‍රතිපත්ති රාමුවක් ඇති කිරීමට සූදානම් වන අතර ජනාධිපතිතුමා ඇතුළු අනෙකුත් පක්ෂ නායකයින් සමඟ සාකච්ඡා කර සම්මුතිවාදය ඉදිරියට ගෙන යන බවත් ඒ මහතා සඳහන් කළේය.

     

    යහපාලනය පාර්ලිමේන්තුවේ සම්මත කර ගෙන සම්මුතිවාදය ක්‍රියාත්මක කළ හැකි බවත් යහපාලනයෙන් කාටවත් ඈත් විය නොහැකි අතර එසේ ඈත්වීම ජනතාවට විරුද්ධ වීමක් බවත් වික්‍රමසිංහ මහතා පෙන්වා දුන්නේය.

     

    ජනතාවට අවශ්‍ය ජනතා ප්‍රශ්න විසඳීමට. ඉතාම සාමකාමී මැතිවරණයකට මුහුණ දුන් අතර එය තාවකාලික දෙයක් නොව එය ඉදිරියට ම පත්වාගෙන යා යුතු ය. මේ රටේ තරුණ තරුණියක්ගේ ප්‍රශ්න විසඳලා මේ රටේ දුක්විදින ජනතාවගේ ප්‍රශ්න විසඳිය හැකි පාලනයක් ඇති කරමු. ඒ සමඟ පක්ෂ දේශපාලන අලුතින් සෑදිය හැකි බව අගමැතිවරයා වැඩිදුරටත් පැවසීය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya