ජනවාරි 15, 2025
tami eng youtube  twitter facebook

    නිදහස් සහ සාධාරණ මැතිවරණයක් පැවැත්වීම පිළිබඳ UN මහ ලේකම්වරයාගෙන් ජනපතිට සුබ පැතුම්

    අගෝස්තු 20, 2015

    ශී‍්‍ර ලංකාවේ පැවති 08 වෙනි පාර්ලිමේන්තු මහ මැතිවරණය නිදහස් සහ සාධාරණව පැවැත්වීමට හැකිවීම පිළිබඳ එක්සත් ජාතින්ගේ සංවිධානයේ මහ ලේකම් බැන්කී මූන් මහතා ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා වෙත සිය උණුසුම් සුබ පැතුම් පළ කරයි.

    ඊයේ (19) පස්වරුවේ දුරකථනයෙන් ජනාධිපතිතුමා ඇමතූ බැන් කී මුන් මහතා මෙලෙස සිය සුභාශිංසන පළ කළ අතර එම මැතිවරණය නීතිගරුකව, බලපෑමකින් සහ හිංසනයකින් තොරව පැවැත්වීමට හැකිවීම පිළිබඳව ජනාධිපතිතුමාට, රජයට හා මැතිවරණ ක‍්‍රමවේදයට සිය ප‍්‍රසාදය පළ කළේය.

     

    මෙම හැකියාව ශී‍්‍ර ලංකාවේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය රජයන බවට මනා සාක්ෂියක් බව ජනාධිපතිතුමා ඊට ප‍්‍රතිචාර ලෙස මහ ලේකම්වරයා වෙත දන්වා සිටියේය.

     

    සාර්ථක පැවැති පාර්ලිමේන්තු මහ මැතිවරණ නිමාව ජනාධිපතිතුමාගේත්, අග‍්‍රමාත්‍යතුමාගේත් රාජ්‍ය පරිපාලන හැකියාව සහ සාර්ථකත්වය මැනවින් පිළිඹිඹු කරන්නක් මෙන්ම යහපාලනය උද්දීපනය කරන්නක් බවද මහ ලේකම්වරයා ප‍්‍රකාශ කළේය.

     

    එමෙන්ම ලබන සැප්තැම්බර් අග භාගයේ නිව්යෝර්ක් නුවර පැවැත්වෙන එක්සත් ජාතින්ගේ මහ සමුළුවට ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමාගේ සහභාගිත්වය සතුටින් අපේක්ෂා කරන බවද බැන්කී මුන් මහතා පැවසීය.

     

    යහපාලනය පිළිබඳ නව රජය දිගටම ප‍්‍රගතියක් ලබනු දැක්ම ජාත්‍යන්තර ප‍්‍රජාවට හැකි වනු ඇතැයි තමා අපේක්ෂා කරන බවද මහ ලේකම්වරයා සඳහන් කළේ ය.

     

    ජනාධිපතිතුමා, අග‍්‍රාමාත්‍යතුමා ප‍්‍රමුඛ ශී‍්‍ර ලංකා රජය යටතේ ශී‍්‍ර ලංකාවේ සියලූ කටයුතු පිළිබඳ යහපත් ප‍්‍රවනතාවයක් ඉදිරි කාලයේදී ලෝක ප‍්‍රජාවට දැක ගන්නට සළස්වනු වනු ඇතැයි අපේක්ෂා කරන බවද පැවසූ මහලේකම්වරයා අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා සමඟ ද මෙම කරුණු සාකච්ඡා කිරීමට කටයුතු කරන බවද ප‍්‍රකාශ කළේය.

     

    එක්සත් ජාතින්ගේ මහ සමුළුවට සහභාගීවීමට නිව්යෝර්ක් නුවරට පැමිණෙන ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා පෞද්ගලිකව හමුවීමටද තමා අපේක්ෂා කරන බව මහලේකම්වරයා දන්වා සිටි අතර එම අවස්ථාව එළැඹෙන තුරු තමාද බලාපොරොත්තුවෙන් සිටින බවත්, මහ ලේකම්වරයා ඉදිරිපත් කළ අදහස් රජයේ අවධානයට යොමු කරන බවත්, ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා මහ ලේකම්වරයා වෙත දන්වා සිටියේය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya