ජනවාරි 15, 2025
tami eng youtube  twitter facebook

    සිව් වෙනි වරටත් අගමැති ලෙස රනිල් අද දිවුරුම් දෙයි

    අගෝස්තු 21, 2015

    නව පාර්ලිමේන්තුවේ අග්‍රාමාත්‍යවරයා ලෙස රනිල් වික්‍රමසිංහ මහතා අද පෙරවරුවේ (21) ජනාධිපති ලේකම් කාර්යාලයේ දී  දිවුරුම් දීමට නියමිතය. ඒ මහතා අග්‍රාමාත්‍යවරයා ලෙස දිවුරුම්දෙනු ලබන්නේ ලංකා ඉතිහාසයේ 4 වෙනි වතාවටයි.

    පසුගිය 17 වන දින පැවති මහමැතිවරණයෙන් කොළඹ දිස්ත්‍රීක්කයට තරග කළ රනිල් වික්‍රමසිංහ මහතා ලංකා මැතිවරණ ඉතිහාසයේ වැඩිම මනාප සංඛ්‍යාව ලෙස සටහන් වුණු මනාප 500,566 ක් ලබාගනිමින් විශිෂ්ට ජයග්‍රහණයක් වාර්තා කරන ලදී.

     

    රනිල් වික්‍රමසිංහ මහතා මුල් වරට අග්‍රාමාත්‍යවරයා ලෙස දිව්රුම් දෙනු ලැබුව 1993 වසරේ මැයි මස 07 දාය. ඒ ජනාධිපති ඩී.බී.විජේතුංග මහතා ඉදිරියේය. අද සිවු වැනි වතාවටත් දිවුරුම්‍ දෙනු ලබන්නේ වසර විසි දෙකකට පසුවය. 1993 වසරේ අගමැති ධුරයට පත් වීමට පෙර වික්‍රමසිංහ මහතා කර්මාන්ත විද්‍යා සහ තාක්ෂණික, අධ්‍යාපන, තරුණ කටයතු යන කැබිනට් ඇමති ධුරයන්ද හෙබවීය‍. දෙවන වතාවට 2001 ව‍සරේ ‍දෙසැම්බර් මාසයේද තුන්වැනි වතාවට මේ වසරේ ජනවාරි 09 දා ද වික්‍රමසිංහ මහතා අගමැති ධුරයේ දිව්රුම් දෙනු ලැබීය.

     

    ශ්‍රී ලංකාවේ මෙතෙක් ඩී.එස්.සේනානායක, ඩඩ්ලි සේනානායක, සර් ජෝන් කොතලාවල, විජයානන්ද දහනායක, එස්.ඩබ්ලිව්.ආර්.ඩී.බණ්ඩාරනායක, සිරිමාවෝ බණ්ඩාරනායක, ජේ.ආර්.ජයවර්ධන, ආර්.ප්‍රේමදාස, ඩී.බී.විජේතුංග, චන්ද්‍රිකා කුමාරතුංග, මහින්ද රාජපක්ෂ, රත්නසිරි වික්‍රමනායක සහ දි.මූ.ජයරත්න යන මහත්වරුන් අගමැති ධුරය හොබවා තිබේ.

     

    SDF

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya