ජනවාරි 15, 2025
tami eng youtube  twitter facebook

    අගමැති ලෙස රනිල් දිවුරුම් දෙයි- සම්මුතිවාදී ආණ්ඩුවකට අත්සන් තැබේ

    අගෝස්තු 21, 2015

    08  වැනි පාර්ලිමේන්තුවේ නව  අග්‍රාමාත්‍යවරයා ලෙස, එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ඉදිරියේදී මීට සුළු මොහොතකට පෙර දිවුරුම් දුන්නේය.

    එක්සත් ජාතික පක්ෂය හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අතර  සම්මුතිවාදී ආණ්ඩුවක් පිහිටුවීම සඳහා වූ අවබෝධතා ගිවිසුම අත්සන් කිරීම අද (21) මෙහිදී සිදු කෙරිණි.

     

    අගමැති ලෙස රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරියේ දිවුරුම් දීමෙන් අනතුරුව මෙම ගිවිසුම අත්සන් කිරීම සිදු විය.

     

    එක්සත් ජාතික පක්ෂය වෙනුවෙන් එම පක්ෂයේ ලේකම් කබීර් හෂීම් මහතා අත්සන් කළ අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වෙනුවෙන් එම පක්ෂයේ වැඩබලන මහලේකම් දුමින්ද දිසානායක මහතා අත්සන් තැබීය.

     

    ජාතික ආණ්ඩුවක් පිහිටුවීමට ඊයේ (20) රැස්වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාව ඒකමතිකව එකඟතාව පළ කර ඇත.

     

    ඒ සඳහා අවබෝධතා ගිවිසුමක් සැකසීමට හිටපු ජනාධිපති චන්ද්‍රිකා කුමාරතුංග මහත්මියගේ ප්‍රධානත්වයෙන් පුද්ගලයන් 6දෙනෙකුගෙන් යුත් කමිටුවක් ද මධ්‍යම කාරක සභාව විසින් පත් කර කෙරිණි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya