ජනවාරි 16, 2025
tami eng youtube  twitter facebook

    2016 අයවැය සඳහා යෝජනා ඉදිරිපත් කරන ලෙස මුදල් අමාත්‍යංශය ජනතාවගෙන් ඉල්ලයි

    අගෝස්තු 26, 2015

    නව රජය යටතේ 2016 වසර සඳහා ඉදිරිපත් කිරීමට යෝජිත අයවැයට ඇතුළත් කිරීම සඳහා වන නව යෝජනා ඉදිරිපත් කරන ලෙස මුදල් අමාත්‍යංශය රාජ්‍ය හා පෞද්ගලික අංශයෙන් හා ජනතාවගෙන් ඉල්ලා සිටියි.

    මාස 60 කින් අළුත් රටක් බිහිකිරීම සඳහා ආර්ථිකය දියුණු කිරීම, දූෂණය මුලිනුපුටා දැමීම, නිදහස තහවුරු කිරීම, යටිතල පහසුකම්, ආයෝජන ප්‍රවර්ධනය සහ අධ්‍යාපනය ඉහළ නැංවීම ආදී පංචවිධ ක්‍රියාවලි සඳහා වන ප්‍රථම පුරෝගාමී මෙහෙවර, ලබන අයවැයෙන් ආරම්භ කිරීමට අපේක්ෂා කෙරේ.

     

    ඒ අනුව කාර්යක්ෂමතාවය වර්ධනය කරමින් ඵලදායිතාවය ප්‍රවර්ධනය කළහැකි හා එයින් ඇතිවන ආර්ථික සංවර්ධනය තුළින් ජනතාවට විවිධ ප්‍රතිලාභ ලඟා කර දිය හැකි කාලානුරූපිව වැදගත් වන යෝජනා මුදල් අමාත්‍යංශයේ වෙළද හා ආයෝජන ප්‍රතිපත්ති දෙපාර්තමේන්තුව වෙත ඉදිරිපත් කරන මෙන් එහි අධ්‍යක්ෂ ජනරාල් කේ.ඩී.එන්. රංජිත් අශෝක මහතා ඉල්ලා සිටියේය.

     

    රජයේ අමාත්‍යංශ දෙපාර්තමේන්තු අර්ධ රාජ්‍ය ආයතන වෙළද මන්ත්‍රණ සභා සහ වෘත්තිකයන් හා පෞද්ගලික අංශයේ ආයතනවලට ද අයවැය යෝජනාවට ඇතුළත් කිරීම සඳහා තම යෝජනා ඉදිරිපත් කළ හැකිය.

     

    මෙම යෝජනා සමාජ සුභසාධන කටයුතු, රටේ ආදායම් හා වියදම් කළමනාකරණය හා යටිතල පහසුකම් සංවර්ධන ආදි විවිධ ප්‍රතිලාභ පදනම් කරගෙන ඉදිරිපත් කළ හැකි අතර  මහජනතාව හා මහජන සංවිධානවලින් ද ඒ සඳහා යෝජනා අපේක්ෂා කරයි.

     

    වෙළද ආයෝජන හා කර්මාන්ත ප්‍රවර්ධන කටයුතු සුළු හා මධ්‍යම පරිමාණයේ ව්‍යවසායන් ප්‍රවර්ධනය හා ශ්‍රම බලකාය සම්බන්ධ යෝජනා එයට අදාළ රාජ්‍ය ආයතන මෙන්ම පෞද්ගලික අංශවලින් ද අපේක්ෂා කරන අතර ඵලදායි යෝජනා පිළිබඳව අදාළ අංශ සමඟ වැඩිදුර සාකච්ඡා පවත්වා තීරණයකට එළඹනු ඇත.

     

    රාජ්‍ය පරිපාලන ක්‍රමය තුළ යහපාලනය ප්‍රවර්ධනය කිරීම සඳහා ද ජනතාවගෙන් හා අදාළ අංශවලින් යෝජනා අපේක්ෂා කරන අතර අධ්‍යාපන හා සෞඛ්‍ය ක්ෂේත්‍රවලට අදාළ යෝජනා ඇතුළු සියළු යෝජනා නව අයවැය යෝජනාවට ඇතුළත් කර අවශ්‍ය ප්‍රතිපාදන වෙන්කිරීමට හැකිවන පරිදි සැප්තැම්බර් මුල් සති දෙක තුළ මුදල් අමාත්‍යංශයේ වෙළද ආයෝජන ප්‍රතිපත්ති දෙපාර්තමේන්තුව වෙත සෘජුව ඉදිරිපත් කරන්නැයි ඉල්ලා සිටිනු ලැබේ.

     

    SDF

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya