ජනවාරි 16, 2025
tami eng youtube  twitter facebook

    ‘ආරක්ෂක සමුළුව - 2015’ සඳහා සියල්ල සුදානම් Featured

    අගෝස්තු 27, 2015

    ශ්‍රී ලංකා යුද හමුදාව පස්වැනි වරටත් සංවිධානය කරනු ලබන “ආරක්ෂක සමුළුව - 2015” සැප්තැම්බර් මස 01 සහ 02 යන දිනයන්හි කොළඹ ගලදාරී හෝටලේ දී පැවැත්වීමට සියලු කටයුතු සූදානම්ව ඇතැයි ශ්‍රී ලංකා යුද හමුදාපති ලුතිතන් ජනරාල් ක්‍රිශාන්ත ද සිල්වා මහතා පැවසීය.

    ඒ මහතා මේ බව පැවසුවේ ඊයේ (26) යාන්ත්‍රික හා විදුලි ඉංජිනේරු බලකායේ පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකට සහභාගිවෙමිනි.
     
    විදේශිය නියෝජිතයන් සහ රාජ්‍ය තාන්ත්‍රිකයන් 62ක පිරිසක් ඇතුළු ආරාධිතයන් 350දෙනෙක් සහභාගිවන මෙම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් ඇෆ්ගනිස්ථානයේ හිටපු ජනාධිපති හමීඩ් කර්සායි මහතා සහභාගිවීමට නියමිතය.
     
    ‘ගෝලීය අභියෝග අභියස ජාතික ආරක්ෂාව’ යන ප්‍රධාන තේමාව යටතේ මෙවර පැවැත්වෙන වාර්ෂික ආරක්ෂක සමුළුවේ දී පහත අනු මාතෘකා යටතේ සැසිවාර නවයකින් සමන්විත වේ.
     
    ‘රටක ජාතික ආරක්ෂාවට බලපාන තර්ජනවල ස්වභාවය’, ‘නැගී එන ලෝක ප්‍රවණතාවය’, ‘ත්‍රස්තවාදය හා ජාතික ආරක්ෂාවට ඇති අභියෝග’, ‘ජාතික ආරක්ෂාවට එරෙහිව පවතින සංග්‍රාමික නොවන අභියෝග’, ආදි අනු මාතෘකා එම සැසිවාරවල අඩංගු වන අතර, සම්පත්දායකයන් වෙනුවෙන්  සැසියක් ද  පැවැත්වේ.
     
    මෙයට අමතරව ආරක්ෂක හා යුද විශේෂඥයන්, දේශිය හා විදේශිය පරිපාලන නිලධාරීන්ගෙන් හා මහාචාර්යවරුන්ගෙන් සමන්විත විද්වත් කමිටුවක් සමුළුවේ දෙවන දිනයේ දී සිය දායකත්වය ලබාදෙති.
     
    ඇෆ්ගනිස්ථානයේ හිටපු ජනාධිපති හමීඩ් කර්සායි මහතා, ආරක්ෂක ලේකම් බී.එම්.යූ.ඩී. බස්නායක මහතා සහ යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් ක්‍රිෂාන්ත ද සිල්වා සමුළුවේ මුඛ්‍ය දේශනය සහ සමාරම්භක දේශන පවත්වනු ඇත. 
     
    වාර්ෂික යුද හමුදා කාර්ය සමුදායේ සුවිශේෂී ස්ථානයක් සනිටුහන් කරන “ආරක්ෂක සමුළුව” 2011 වසරේ දී රටවල් 60ක විදේශීය නියෝජිතයන් 160 කගේ සහභාගීත්වයෙන් ප්‍රථමවරට ආරම්භ විය. පසුගිය වසරේ දී මෙම සමුළුව සඳහා රටවල් 55 කින් විදේශීය නියෝජිතයන් 148 දෙනෙකු සහභාගි වු අතර, 350 දෙනෙක් එයට සහභාගී වූහ. එම සමුළුවේ දී ‘ශ්‍රී ලංකා ජාතික ආරක්ෂාවට ඇති අභියෝග’ පිළිබඳව සාකච්ඡා කළහ.
     
    මෙවර සමුළුවේ සංවිධාන කටයුතු කිරීමේ පුරෝගාමීව ක්‍රියා කරන යුද හමුදා පුහුණු අධ්‍යක්ෂ මණ්ඩලය ජූලි මස පළමු සතිය වන විට රටවල් 50 කට අධික සංඛ්‍යාවකට  2015 ආරක්ෂක සමුළුව සඳහා ආරාධනා කොට තිබිණි.
     
    www.defseminar.lk හෝ www.army.lk යන වෙබ් අඩවිවලට පිවිසීමෙන් ආරක්ෂක සමුළුව සජීවීව නැරඹීමට හැකිය.
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya