ජනවාරි 16, 2025
tami eng youtube  twitter facebook

    තිරසාර සංවර්ධනය හා දේශගුණික විපර්යාසයන් අවම කිරීමේ ජාත්‍යන්තර මහා සමුළු සැප් 07-09 Featured

    සැප්තැම්බර් 05, 2015

    තිරසාර සංවර්ධනය උදෙසා වන ප්‍රාන්ත රාජ්‍යන්ගේ එකමුතු ජාලයෙ හි 13වන වාර්ෂික සමුළුව හා දේශගුණික විපර්යාසයන් අවම කිරීමට අදාළ ජාත්‍යන්තර මහා සමුළුව සැප්තැම්බර් මස 07 සිට 09 වෙනි දින දක්වා කොළඹ හිල්ටන් හෝටලයේ දී පැවැත්වේ.

    සිකුරාදා (04) බස්නාහිර පළාත් සෞන්දර්යය නිකේතනයේ පැවති සමුළුව පිළිබඳ මාධ්‍ය දැනුවත් කිරීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවේ දී බස්නාහිර පළාත් කෘෂිකර්ම, ගොවිජන සංවර්ධන, සුළු වාරිමාර්ග කර්මාන්ත, පරිසර හා සංස්කෘතික කලලා කටයුතු අමාත්‍ය ගාමිණී තිලකසිරි මහතා මේ බව පැවසීය.

     

    13වන මහා වාර්ෂික සමුළුව සැප්තැම්බර් 07 වෙනි දින සිද කෙරේ. දේශගුණික විපර්යාස අවම කිරීම හා අනුගත වීමට අදාළ ජාත්‍යන්තර මහා සමුළුව සැප්තැම්බර් 08 වෙනි දින පෙරවරු 09.30ට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ වී සැප්. 09 වෙනි දින දක්වා පැවැත්වේ.

     

    මෙහි සත්කාරකත්වය ශ්‍රී ලංකාවට හිමි අතර බස්නාහිර පළාත් සභාව විසින් සියලුම සංවිධාන කටයුතු සිදු කරනු ලැබේ. මේ සඳහා අප්‍රිකානු, ඇමරිකානු, යුරෝපීය, ආසියානු සහ ආසියා පැසිෆික් කලාපීය රටවල් 37ක සාමාජිකයන් සහභාගී වීමට නියමිතය.

     

    ලොව පුරා පවතින ප්‍රාන්ත රාජ්‍යයන් තිරසාර සංවර්ධනය කිරීම මෙම සමුළුවේ මූලික අරමුණ යි. ඒ සඳහා දැනුම, හැකියාව, නව ප්‍රවණතා සහ අත්දැකීම් ප්‍රාන්ත රාජ්‍යයන් අතර බෙදා ගැනීම සමුළුව තුළින් අපේක්ෂා කෙරේ.

    මෙහිදී පළාත් මට්ටමින් තිරසාර සංවර්ධනය ඉහළ නංවා ගැනීම සඳහා අවශ්‍ය ප්‍රතිපත්ති සැලසුම් කිරීම සහ ජෛව විවිධත්වය, ජල සම්පත් කළමණාකරණය, සනීපාරක්ෂක ක්‍රම හා දේශගුණික විපර්යාස අවම කිරීම සහ ඊට අනුගත වීමේ ක්‍රියාවලිය පිළිබඳ දැනුම හා අත්දැකීම් ලබා ගැනීමට ඉඩප්‍රස්ථාව සැලසේ.

     

    එමෙන්ම බස්නාහිර පළාත තුළ ක්‍රියාත්මකවන සංවර්ධන ව්‍යාපෘති සහ වැඩසටහන් පිළිබඳ අදහස් ජාත්‍යන්තර සංවිධාන ඉදිරියේ ඉදිරිපත් කිරීමට අවස්ථාව සැලසෙන අතර ඒ සම්බන්ධව ශ්‍රී ලංකාවට ලබා ගත හැකි සෑම ආධාරයක්ම ලබා ගැනීමට හැකියාව ලැබෙන බව අමාත්‍යවරයා විශ්වාසය පළ කරයි.

     

    බස්නාහිර පළාත් කෘෂිකර්ම, ගොවිජන සංවර්ධන, සුළු වාරිමාර්ග කර්මාන්ත, පරිසර හා සංස්කෘතික කලා කටයුතු අමාත්‍යංශ ලේකම් එස්. නීල්වල, සැටලෝනියා රජයේ පාරසරික තිරසාරභාවය පිළිබඳ ලේකම්වරයාගේ විදේශ කටයුතු සහ සහයෝගීතා පිළිබඳ උපදේශිකා Susana Revero Baughman ඇතුළු මහත්ම මහත්මීන් පිරිසක් මෙම මාධ්‍ය සාකච්ඡාව සඳහා එක්වූහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya