ජනවාරි 16, 2025
tami eng youtube  twitter facebook

    දිවි පිදූ හා ආබාධිත රණවිරුවන්ගේ පවුල් 35ක් සඳහා නව නිවාස

    සැප්තැම්බර් 06, 2015
    යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් ක්‍රිෂාන්ත ද සිල්වා මහතාගේ උපදෙස් මත රෙජිමේන්තු 18ක රට දැය වෙනුවෙන් දිවි පිදූ සෙබලුන්ගේ පවුල් සහ ආබාධිත රණවිරුවන් දෙදෙනෙකු රෙජිමේන්තු තුලින් තෝරා ගෙන ඔවුනට හිමි ඉඩම්වල නිවාස ඉදිකිරිමේ ව්‍යාපෘතියේ පළමු අදියර යටතේ ඉදිකළ නිවාස 35ක් මේ මස අවසන් සතියේ දී උත්සවාකාරයෙන් ඔවුන් වෙත භාරදීමට නියමිත බව ශ්‍රී ලංකා යුද්ධ හමුදාව සඳහන් කරයි.
     
    මෙම නිවාසයන් හි ඉදිකිරීම් කටයුතු මෙම වසරේ අප්‍රේල් මස තෙවන සතියේ ආරම්භ වූ අතර, එම නිවාස 2009 වසරට පෙර දේශයේ සාමය වෙනුවෙන් අමිල මෙහෙයක් ඉටු කොට තම දිවි පිදූ අභිමානවත් ශ්‍රී ලංකා පුතුන් වෙනුවෙන් යුද හමුදාපතිවරයා මෙම ක්‍රියාවලියට සිය පූර්ණ සහයෝගය ලබා දෙන අතර, ඒ ඒ අවශ්‍යතා සැලකිල්ලට ගෙන ඊට අනුකූලව සියලු පහසුකම්වලින් සපිරි නිවාස ඉදි වෙමින් පවතියි.
     
    සුබසාධක අධ්‍යක්ෂ මණ්ඩලයේ සම්බන්ධීකරණය සිදු කරනු ලැබූ මෙම නිවාස ව්‍යාපෘති  මෙම මස අවසානයේ දී සම්පූර්ණයෙන්ම නිම කිරීමට නියමිතය අතර මෙහි දෙවන අදියර ඒ හා සමාන රණවිරුවන් පිරිසකට නිවාස ලබාදීමේ අරමුණින් නුදුරේ දී ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය කටයුතු සම්පාදනය කොට ඇත.
     
    මෙම එක්  නිවාසයක වටිනාකම රුපියල් මිලියන 1.5 ක් පමණ වන අතර, එම මුදලින් 60% ක් අදාළ රෙජිමේන්තු විසින් ද ඉතිරි සුබසාධන අධ්‍යක්ෂ මණ්ඩලය විසින් ද ලබාදෙයි. එම නිවාසවල  යම්කිසි වෙනස් කිරීමක් අවශ්‍ය නම් ලබන්නා වෙත අතිරේක වියදමක් දැරිමට සිදු වේ.
     
    මෙහි පළමු අදියරේ දී ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකාය, ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාව, ශ්‍රී ලංකා ඉංජිනේරු බලකාය, ශ්‍රී ලංකා සංඥා බලකාය, ශ්‍රී ලංකා පාබල රෙජිමේන්තුව, ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුව, ගැමුණු හේවා බලකාය, ගජබා රෙජිමේන්තුව, විජයබාහු පාබල රෙජිමේන්තුව, යාන්ත්‍රික පාබල රෙජිමේන්තුව, කමාන්ඩෝ රෙජිමේන්තුව, විශේෂ බලකාය, සන්නද්ධ බුද්ධි බලකාය, ශ්‍රී ලංකා යුද්ධ හමුදා සේවා බලකාය, ශ්‍රී ලංකා යුද්ධ හමුදා වෛද්‍ය බලකාය, ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොදු සේවා බලකාය, ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බලමුළුව සහ ශ්‍රී ලංකා කාන්තා බලකායේ ආබාධිත සෙබලුන් හා යුද්ධයේ දී මියගිය රණවිරුවන්ගේ පවුල්වල සාමාජිකයන් මෙම නිවාස ලබාගැනීමට නියමිතය.  
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya