ජනවාරි 16, 2025
tami eng youtube  twitter facebook

    පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය අමාත්‍යවරයා මල්වතු හා අස්ගිරි පාර්ශවයේ මහනායක හිමිවරුන්ගෙන් ආශිර්වාද ලබා ගනී

    සැප්තැම්බර් 11, 2015
    පසුගිය දින සියයයේ පාලන සමය තුළ ජන මාධ්‍ය අමාත්‍යංශය ඉතා සාර්ථකව පවත්වාගෙන ගිය බැවින් නව රජය යටතේත් එම අමාත්‍යංශය ගයන්ත කරුණාරත්න මහතා වෙත පිරි නමන්නට ඇතැයි තමන් විශ්වාස කරන බව මල්වතු පාර්ශවයේ මහනායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල  ස්වාමීන් වහන්සේ පැවසූහ.
    උන් වහන්සේ මෙම අදහස් පළ කළේ  පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ සහ ජන මාධ්‍ය අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා වෙත ආශිර්වාද පළ කරමිනි.
     
    නව රජයේ පාර්ලිමේන්තු කටයුතු සහ ජන මාධ්‍ය අමාත්‍යංශයේ වැඩ භාර ගැනීමෙන් අනතුරුව ගයන්ත කරුණාතිලක මහතා අද (11) දළදා මාළිගාව වෙත පැමිණ ආගමික වතාවත්වල නිරත විය. අනතුරුව මල්වතු සහ අස්ගිරි උභය විහාරයන් වෙත ගොස් මහනායක ස්වාමීන් වහන්සේලා බැහැ දැක ආශිර්වාද ලබා ගන්නා ලදී. 
     
    අස්ගිරි පාර්ශවයේ මහානායක අතිපූජ්‍ය ගලගම ශ්‍රී අත්ථදස්සි ස්වාමීන් වහන්සේද ගයන්ත කරුණාතිලක මහතා වෙත තම ආශිර්වාද කළ අතර, ජනමාධ්‍ය සම්බන්ධයෙන් ආචාර ධර්ම පද්ධතියක අවශ්‍යතාවයද උන් වහන්සේ විසින් පෙන්වා දෙන ලදී. සියලු දෙනා සමඟි සම්පන්නව කටයුතු නො‍කළහොත් මෙම රට සංවර්ධනය කළ නොහැකි බව පෙන්වා දුන් උන්වහන්සේ ලාංකිය ඉතිහාසයේ සියළු ලාංකිකයන් එක්ව කිසිදු භේදයකින් තොරව රටේ අභිවෘද්ධිය පිණිස කටයුතු කළ ආකාරයද පෙන්වා දුන්හ.
     
    ආගමික වතාවත් වලින් අනතුරුව මාධ්‍යවේදීන් වෙත අදහස් දැක්වූ අමාත්‍යවරයා දින සියයේ පාලන කාලය තුළ තමන් කළ ආරාධනය පිළිගෙන රට හැර ගිය මාධ්‍යවේදීන් පිරිසක් නැවත මෙරටට පැමිණ තිබෙන බවත්, ඔවුන්ට නිදහසේ තම මාධ්‍ය වෘත්තියේ නිරත වීමට අවශ්‍ය වටපිටාව රජය විසින් නිර්මාණය කර ඇති බවත් පැවසීය.
     
    එමෙන්ම පසුගිය දින සියය තුළ රාජ්‍ය මාධ්‍ය විශාල පරිවර්තනයකට පත් කළ බවත්, රාජ්‍ය මාධ්‍යවල මධ්‍යස්ථ බව නිසා ඒවායින් ඈත්ව සිටි ග්‍රාහකයන් පිරිසක් නැවත ඒ වටා රොක් වී ඇති බවත් පෙන්වා දුන්නේය. 
     
    තොරතුරු දැන ගැනීමේ පනතේ ප්‍රමාදය ගැන මාධ්‍යවේදියෙකු විමසූ ප්‍රශ්නයට පිළිතුරු දුන් අමාත්‍යවරයා පැවසුවේ රජයේ ප්‍රමුඛ කාර්යයක් කොට සළකා එම පනත ඉතා ඉක්මනින් ගෙන ඒමටද කටයුතු කරන බවයි. පසුගිය දින සියයයේ කාල සීමාවේදී ඒ පිළිබඳ මූලික කටයුතු ආරම්භ කළ බව පැවසූ අමාත්‍යවරයා සිවිල් සමාජ ඇතුළු වෙනත් වගකිව යුතු අයගේ අදහස් විමසා වෙනත් රටවල ආදර්ශයන් විමසිල්ලට ගෙන මෙම පනත වඩාත් සුදුසු පරිදි ගෙන ඒමට අවශ්‍ය බැවින් ඒ සඳහා සැලකිය යුතු කාලයක් අවශ්‍ය බවයි. 
     
    මෙම අවස්ථාව සඳහා රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය දර්ශනී ගුණතිලක මහත්මිය ඇතුළු පිරිසක්ද සහභාගී වූහ.
     
     
    AP/DMU-Kandy 

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya