ජනවාරි 16, 2025
tami eng youtube  twitter facebook

    ඉදිරියේ පැවැත්වෙන විභාග Featured

    සැප්තැම්බර් 13, 2015

    රාජ්‍ය කළමනාකරණ සහකාර සේවයේ III වැනි ශ්‍රේණියේ නිලධාරීන් සඳහා වන කාර්යක්ෂමතා කඩඉම් විභාගය -2011(II) 2015 විභාගය ලබන 19 වැනි දා දිවයින පුරා ස්ථාපිත කෙරෙන මධ්‍යාස්ථාවලදී පැවැත්වෙන බව ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේතුව සඳහන් කරයි.

    II ශ්‍රේණියේ රේගු පරීක්ෂවරුන් සඳහා පැවැත්වෙන පළමු කාර්යක්ෂමතා කඩඉම් පරීක්ෂණය ( පැරණි නිර්දේශ)-2015 (1) විභාගය ලබන 19 වැනි දා කොළඹ දී පමණක් පැවැත්වේ.

    විගණන පරීක්ෂක සේවයේ II වැනි ‍ශ්‍රේණියේ නිලධාරීන් සඳහා වන කාර්යක්ෂමතා කඩඉම් විභාගය - 2015 වි‍භාගය ලබන 19 සහ 20 දෙදින කොළඹදී පමණක් පැවත් වේ.

    II ශ්‍රේණියේ රේගු පරීක්ෂකවරුන් සඳහා පැවැත්වෙන දෙවන කාර්යක්ෂමතා කඩඉම් විභාගය (පැර‍ණි නිර්දේශය) -2015 (1) විභාගය ලබන 20 වැනි දා කොළඹ දී පමණක් පැවැත් වේ.

    ශ්‍රී ලංකා නීති විද්‍යාලයේ 2016 අධ්‍යයන වර්ෂයට සිසුන් ඇතුළත් කර ගැනීම සඳහා පවත්වනු ලබන තරග විභාගය -2015 (සැප්තැම්බර්) විභාගය ලබන 26 වැනි දා කොළඹදී පමණක් පැවැත් වෙන අතර ඒ සඳහා අයදුම්කරුවන් 4720ක් පෙනී සිටීමට නියමිත බව ද විභාග දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කරයි.

    kpm

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya