මැයි 15, 2025
tami eng youtube  twitter facebook

    සිරකරු සැමරුම් දින පළමු කොඩිය ජනපතිට

    සැප්තැම්බර් 13, 2015

    ශ්‍රී ලංකා සිරකරු සුබසාධන සංගමයට ආධාර පිණිස වාර්ෂිකව එළිදැක්වෙන සිරකරු සැමරුම් දින කොඩියේ පළමු කොඩිය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාට පැළැඳවීම ඊයේ (12) පෙරවරුවේ කොළඹ ජනාධිපති නිළ නිවසේදී සිදු කෙරිණ.

    ශ්‍රී ලංකා සිරකරු සුබසාධක සංගමයේ උප සභාපති ඩබ්ලිව්.ඒ.එල්. වීරසිංහ මහතා පළමු කොඩිය ජනපතිට පැළැඳවීය.

    මේ අවස්ථාවට ශ්‍රී ලංකා සිරකරු සුබසාධක සංගමයේ අනුශාසක පූජ්‍ය තීනියාවල පාලිත හිමි, උප සභාපති පූජ්‍ය අංගුන බදුල්ලේ ඥානදස්සී හිමි, බන්ධනාගාර කොමසාරිස් ඩබ්ලිව්. ඒ. එල්. වීරසිංහ මහතා, බන්ධනාගාර කොමසාරිස් ජෙනරාල් එම්.බී.ආර්. පුෂ්පකුමාර මහතා ඇතුථ සුබසාධක සංගමයේ නිලධාරීන් පිරිසක් සහභාගි වූහ.

    kpm

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya