ජනවාරි 13, 2025
tami eng youtube  twitter facebook

    කටාර් සිටින සියලුම ශ‍්‍රී ලාංකිකයින්ගේ වැටුප් බැංකුගත කිරීමට පියවර Featured

    සැප්තැම්බර් 21, 2015

    දෝහා කටාර් රාජ්‍යයේ සිටින සියලුම ශ‍්‍රමිකයින්ගේ වැටුප් නොවැම්බර් මාසයේ සිට බැංකුගත කිරීමට පියවර ගන්නා බව එරට කම්කරු හා සමාජ සේවා අමාත්‍ය අබ්දුල්ලා සාලියා අල් කුලාෆි (Addulla Saliya Al Khulaifi) මහතා ප‍්‍රකාශ කරයි.

    විදේශ රැකියා අමාත්‍ය තලතා අතුකෝරළ මහත්මිය පසුගියදා සිය මැදපෙරදිග සංචාරයේදී ඒ මහතා හමු වූ අතර එහිදී ඒ මහතා මේ බව සඳහන් කළේය.

    එහිදී එරට සිටින සියලුම ශ‍්‍රමිකයින්ගේ වැටුප් බැංකුගත කිරීම තුළින් ඇතිවී තිබූ ගැටලු සියල්ලම මඟහැරෙන බව ඔහු සඳහන් කළේය.

    විශේෂයෙන් එරට සියලු ශ‍්‍රමිකයින්ගේ වැටුප් ඔවුන්ගේ අතට ලබාදීමේදී විවිධ ගැටලු වාර්තා වූ අතර වැටුප් ලබානොදීම සම්බන්ධව ප‍්‍රශ්න ගණනාවක් පසුගිය කාලයේ වාර්තා විය.

    මෙවැනි කි‍්‍රයාමාර්ගයක් අනුගමනය කිරීම පිළිබඳව අමාත්‍යවරිය විශේෂයෙන් එරට කම්කරු හා සමාජ සේවා අමාත්‍යවරයාට ස්තූතිය පළකළාය.

    කටාර් රාජ්‍යය හා ශ‍්‍රී ලංකාව අතර පවතින ගිවිසුම් වඩාත් ශක්තිමත් කිරීමට ඉදිරියේදී කටයුතු කරන බවත් මෙම වසරේ දෙසැම්බර් මාසයේදී කටාර් රාජ්‍යය හා ශ‍්‍රී ලංකාව අතර ගිවිසුම් සම්බන්ධව පවතින සාකච්ඡා ශ‍්‍රී ලංකාවේදී පැවැත්වෙන බවත් අමාත්‍යවරිය සඳහන් කරයි.


    කටාර් රාජ්‍යයේ ශ‍්‍රී ලාංකිකයින් 145,000 සිටින නමුත් තානාපති කාර්යාල වාර්තා වන්නේ ඉන් 107,000 ක් බවත් ඊට හේතුව කාලය අවසන් වී එරට රැදී සිටින්නන් හා විවිධ ව්‍යාජ ක‍්‍රම මඟින් රටට පැමිණෙන පිරිස් ගණන් නොගන්නා බවත් විදේශ රැකියා අමාත්‍යාංශය පෙන්වා දෙයි.

    ඒ පිළිබඳව ඉදිරියේදී කි‍්‍රයා මාර්ග ගන්නා බව ද ඇය සඳහන් කළාය.

    මෙම අවස්ථාවට විදේශ රැකියා අමාත්‍යංශයේ උපදේශිකා පත්මිණි රත්නායක මහත්මිය හා අමාත්‍ය සම්බන්ධීකරණ ලේකම් ඉන්ද්‍රජිත් විජේසූරිය මහතා ද එක්වූහ.

     

    kpm

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya