ජනවාරි 13, 2025
tami eng youtube  twitter facebook

    අද ජාත්‍යන්තර සාම දිනය යි Featured

    සැප්තැම්බර් 21, 2015

    සාමය සඳහා වූ ජාත්‍යන්තර දිනය සෑම වසරකම සැප්තැම්බර් 21වෙනිදාට යෙදී තිබේ.

     

    සියලු ජාතීන් සහ ජනයා අතර සාමය නැමැති පරමාදර්ශය ශක්තිමත් කිරීමට වෙන් කළ දිනය ලෙසඑක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය විසින් මෙය ප්‍රකාශයට පත් කර තිබේ.

    “සාමය සඳහා සහභාගිත්වය - සෑම දෙනා සඳහා ගරුත්වය“ (“Partnerships for Peace – Dignity for All”) යන්න මෙම වසරේ සාම සැමරුමේ තේමාව වන අතර ඉන් සාමය සඳහා ප්‍රයත්න දැරීමට සමාජයේ සියලු අංශ එකට එක්ව වැඩ කිරීමේ ඇති වැදගත්කම ඉස්මතු කිරීම අරමුණු කෙරේ.

     

    සාමය සඳහා වූ ලැදියාව සෑම මිනිසෙක් තුළ තිබිය යුතු වැදගත් අපේක්ෂාවක් බැවින් සාමය වෙනුවෙන් වැඩ කිරීම සෑම පුද්ගලයෙකුගේ ම වගකීමක් වන බව ප්‍රත්‍යක්ෂ කරවීම සඳහා යුද්ධය, ත්‍රස්තවාදය හෝ ගැටුම් පවත්නා රටවල් පමණක් නොව ලොව පුරා බොහෝ රටවල් මෙම ජාත්‍යන්තර සාම දිනයේ දී සාම සැමරුම් උත්සව පවත්වනු ලබයි.

     

    සදාචාරාත්මක මිනිස් කොට්ඨාසයක් ලෙස පළමුව තම අධ්‍යාත්මික සාමය ළඟා කරගැනීමට වග බලා ගැනීමෙන් දෙවනුව භාහිරව මිනිසා මිනිසා අතරත් ජාති, ආගම්, දේශ සීමා සහ බලය අතරත් සාමය ලඟා කරගැනීම ස්වයං පෙළඹවීමක් ඇතිවන බව මිනිසාට අවබෝධ කරවීමෙහි ලා ආගමික සංවිධාන, සංස්කෘතික ආයතන, රාජ්‍ය නොවන සංවිධාන සහ ස්වෙච්ඡා සංවිධාන මෙම දිනයෙ හිදී විවිධ වැඩසටහන් මෙහෙයවනු ලබයි.

     

    අවි ආයුධ බිම තබා ගෝලීය සටන් විරාමයක් තුළ සමාදනය ප්‍රකාශ කිරීම සඳහා සියලු යුද්ධමය පක්ෂවලින් තමන් ඉල්ලා සිටින බවත් තමන් ඔවුන්ට ප්‍රකාශ කරන්නේ, ‘මෙම ඝාතන සහ විනාශය නවත්වන්න, සහ කල් පවත්නා සාමයක් ඇති කිරීම සඳහා අවකාශයක් නිර්මාණය කරන්න‘ යන්නැයි එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහ ලේකම් බෑන් කී මූන් මහතා සාම ජාත්‍යන්තර දිනය වෙනුවෙන් සඳහන් කර ඇත.

     

    දශක තුනකට අධික කාලයක් පුරා ජාතීවාදී ත්‍රස්තවාදයෙන් බැට කෑ රටක් ලෙස ත්‍රස්තවාදය පරාජය කරමින් අප ලබා ගත් සාමය හා සමාදානය සියලු ජාතීන් වෙනුවෙන් ඉදිරියට රැක ගැනීමටත් ලොවට පරමාදර්ශී රටක් ලෙස භෞතික සහ අධ්‍යාත්මික සංවර්ධනය කරා සිංහල, දෙමළ, මුස්ලිම් ලෙස නොව ශ්‍රී ලාංකිකයන් ලෙස සාමය මූලික ගමනක යෙදීමට අප ද සිතිය යුතු කාලය එළඹ ඇත.

     

    SDF

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya