ජනවාරි 15, 2025
tami eng youtube  twitter facebook

    ලෝක සංචාරක දිනය තේමා කරගෙන වැඩසටහන් රැසක් Featured

    සැප්තැම්බර් 23, 2015

    කොළඹ විශ්වවිද්‍යාලීය ආර්ථික විද්‍යා දෙපාර්තමේන්තුවේ සංචාරක ආර්ථික විද්‍යා සහ හෝටල් කළමනාකරණ පාඨමාලා වැඩසටහන සහ ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය ඇතුළු අනෙකුත් ප්‍රධාන ආයතන ඒකාබද්ධව සංවිධානය කරන ලෝක සංචාරක දින උත්සවය මෙම මස 27 වෙනි දින අති උත්කර්ශවත් අන්දමින් සැමරීමට විධාන යොදා ඇත.

    ශ්‍රී ලාංකේය සංචාරක කර්මාන්ත සංවර්ධනයේ අනාගත අවස්ථා පිළිබඳව තරුණ පරපුර සහ සංචාරක ක්ෂේත්රංයට සම්බන්ධ වූ පාර්ශවයන් දැනුම්වත් කිරීමේ අරමුණින් පැවැත්වෙන මෙම වැඩසටහනට පාසැල් ළමුන්ද සම්බන්ධ කර ගැනීම විශේෂත්වයකි.

    ලෝක සංචාරක සංවිධානය ප්ර කාශයට පත් කර ඇති පරිදි මෙවර ලෝක සංචාරක දිනය “ප්‍රකෝටියක් වූ සංචාරකයින් මගින් ප්‍රකෝටියක් වූ සංවර්ධන අවස්ථා” (“Billions of Opportunities; Billions of Tourists”) යන තේමාව යටතේ පැවැත්වේ.

    ලෝක සංචාරක දිනය සමරමින් වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කෙරේ. ඒ අනුව අද (23) සංචාරක කර්මාන්තයේ වැදගත්කම පිළිබඳව යාපනය නගරයේ පාසැල් කිහිපයක සිසුන් දැනුම්වත් කිරීමේ වැඩමුළුවක් පැවැත්වේ.

    ඊට අමතරව ලබන 25 වෙනි දින සංචාරක සංවර්ධන හා ක්‍රිස්තියානි කටයුතු අමාත්‍ය ජෝන් අමරතුංග මහතාගේ ප්‍රධානත්වයෙන් සංචාරක ක්ෂේත්රකයට සම්බන්ධ ආයතන සම්බන්ධ කර ගනිමින් ඒකාබද්ධ සමුළුවක් පැවැත්වේ. එදින පෙ.ව.9.00 සිට ප.ව.5.00 දක්වා කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්රතණ ශාලාවේදී පැවැත්වෙන මෙම සමුළුවට කොළඹ විශ්වවිද්‍යලයේ උපකුලපති මහාචාර්ය ලක්ෂ්මන් දිසානායක මහතා ඇතුළු සංචාරක ක්ෂේත්‍රයේ ප්‍රවීණයෝ රැසක් සහභාගී වීමට නියමිතය. මෙහිදී කොළඹ විශ්වවිද්යාකලයේ ආර්ථික විද්‍යා දෙපාර්තමේන්තුව මගින් ගල්කිස්ස මහ හෝටලයේ ප්‍රධාන සුපවේදී ආචාර්ය පබ්ලිස් සිල්වා මහතා ඇගයීමකට ලක් කර තිළිණයක් ප්‍රදානය කිරීමට ද සැලසුම් කර ඇති බව කොළඹ විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා අධ්‍යයන අංශයේ ජ්‍යේෂ්ඨ කතිකාචාර්ය සහ සංචාරක අධ්‍යයන වැඩසටහනේ සම්බන්ධීකාරක ආචාර්ය සුරංග සිල්වා මහතා පවසයි.

    මීට සමගාමීව එදින (25) පෙ.ව.10.00 සිට දහවල් 12.00 දක්වා මහනුවර රැජිණ හෝටලයේදී (Queens Hotel) වෘත්තීය මාර්ගෝපදේශන හා දැනුම්වත් කිරීමේ වැඩසටහනක් පැවැත්වෙනු ඇත. මෙම වැඩසටහන අ.පො.ස.(සා.පෙ.) සහ අ.පො.ස.(උ.පෙ.) පාසැල් සිසුන් ඉලක්ක කර ගෙන පැවැත්වේ.

    තවද මෙම මස 26 වෙනි දින මහනුවර නගරය ආශ්‍රිතව වැඩසටහන් රැසක් පැවැත්වීමට පියවර ගෙන ඇත. ඒ අනුව දැනුම්වත් කිරීමේ පාගමනක්, සංචාරක කර්මාන්තය පිළිබඳ ප්‍රදර්ශනයක් හා උපදේශන වැඩසටහනක් පැවැත්වෙනු ඇත. 2014 වසරේ ලෝක සංචාරක දිනය නිමිත්තෙන් අහුන්ගල්ලේදී පවත්වන ලද වැඩසටහන අලලා සකස් කරන ලද ග්‍රන්ථය එළි දැක්වීමද මෙදින සිදු කෙරේ.

    එමෙන්ම අවසන් දිනය වන සැප්තැම්බර් මස 27 වෙනි දින මහනුවර හිල්වුඩ් විද්‍යාලීය ද්විතියික පාසැල් සිසුන් සඳහා දැනුම මිනුම තරගයක් එම විද්‍යාලයේදී පැවැත්වීමටත්, මහනුවර ප්‍රදේශයේ ජනතාව ඉලක්ක කර ගෙන මහනුවර හුන්නස් ෆෝල්ස් හෝටලයේදී වෛද්‍ය කඳවුරක් පැවැත්වීමටත් අපේක්ෂිතයි. මෙම වෛද්‍ය කඳවුරට සහභාගී වන ලෙස ද සංවිධායක මණ්ඩලය මහනුවර අවට ජනතාවට විවෘත ආරාධනයක් කරයි. මේ පිළිබඳ වැඩිදුර තොරතුරු 0777935559 යන දූරකතන අංකයට ප්‍රගීත් මහතා ඇමතීමෙන් ලබා ගත හැක.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya