ජනවාරි 15, 2025
tami eng youtube  twitter facebook

    නව අමාත්‍යාංශ විෂය පථය ගැසට් කෙරේ Featured

    සැප්තැම්බර් 23, 2015
    ජාතික ආණ්ඩුවේ අමාත්‍යාංශවලට අයත් ආයතන සහ අමාත්‍යවරුන්ගේ විෂය පථයන් වෙන් කිරීමට අදාළ ගැසට් නිවේදන ඊයේ (22) ප්‍රකාශයට පත් විය.
     
    ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා යටතේ ජාතික ආරක්ෂාව පිළිබද අමාත්‍යංශය, මහවැලි අමාත්‍යාංශය , පරිසර අමාත්‍යාංශය හා ජාතික ඒකාබද්ධතා යන අමාත්‍යාංශය හා එම අමාත්‍යාංශවලට අයත් ආයතන සියල්ල ජනාධිපතිතුමා යටතේ ක‍්‍රියාත්මක වේ.
     
    ඒ අනුව ශ්‍රී ලංකා මහ බැංකුව, ශ්‍රී ලංකා සුරැකුම් පත් විනිමය කොමිෂන් සභාව, ජාතික තරුණ සේවා සභාව, සේවා නියුක්තිකයින්ගේ භාර අරමුදල, මහජන උපයෝගිතා කොමිෂන් සභාව ඇතුළු ආයතන 20 ක් ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍ය ධුරය දරණ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට අයත් ය.
     
    සිවිල් ගුවන් සේවා අධිකාරිය, සීමාසහිත ගුවන් තොටුපොළ හා ගුවන් සේවා සමාගම අයත් වන්නේ, ප්‍රවාහන අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතාට වන අතර පොලිස් දෙපාර්තමේන්තුව, අන්තරායකර ඖෂධ පාලක මණ්ඩලය, බන්ධනාගාර දෙපාර්තමේන්තුව, ඇතුළු ආයතන නීතිය, සාමය සහ බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍ය තිලක් මාරපන මහතාට අයත් වේ.
     
    මහා භාණ්ඩාගාරය, රේගුව, සුරාබදු දෙපාර්තමේන්තුව, දේශීය ආදායම් දෙපාර්තමේන්තුව, ශ්රීථ ලංකා රක්ෂණ මණ්ඩලය, ජාතික ලොතරැයි මණ්ඩලය, සංවර්න ලොතරැයි මණ්ඩලය, රාජ්යද මුදල් දෙපාර්තමේන්තුව ඇතුළු ආයතන 26 ක් මුදල් අමාත්යය රවී කරුණානායක මහතාට අයත්ව තිබේ.
     
    සියලුම රාජ්‍ය බැංකු, ශ්‍රී ලංකන් සහ මිහින් ලංකා සමාගම් ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව ඇතුළු ආයතන 19ක් රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන අමාත්‍ය කබීර් හෂීම් මහතාට අයත් ආයතන වේ.
     
    ආගමන විගමන දෙපාර්තමේන්තුව, පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව, ජාතික කෞතුකාගාර දෙපාර්තමේන්තුව අයත් වන්නේ අභ්‍යන්තර කටයුතු, වයඹ සංවර්ධන සහ සංස්කෘතික කටයුතු අමාත්‍ය එස්.බී. නාවින්න මහතාට අයත් ආයතන ය.
     
    නාගරික සංවර්ධන අධිකාරි, ශ්‍රී ලංකා ඉඩම් ගොඩ කිරීමේ සහ සංවර්ධනය කිරීමේ සංස්ථාව, ජාතික භෞතික සැලසුම් දෙපාර්තමේන්තුව යන ආයතන මහා නගර සහ බස්නාහිර සංවර්ධන අමාත්යඩ පාඨලී චම්පික රණවක මහතාට අයත් ආයතන වේ.
     
    සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව, ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලය හා ආමාත්‍ය සමාගම් හා වී අලෙවි මණ්ඩලය ඇතුළු ආයතන 10ක් ග්‍රාමීය ආර්ථික පිළිබඳ අමාත්‍ය පී. හැරිසන් මහතාට අයත්ව තිබේ.
     
    මධ්‍යම සංස්කෘතික අරමුදල අයත් වන්නේ, අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා ය.
     
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya