ජනවාරි 16, 2025
tami eng youtube  twitter facebook

    ඔක්තෝම්බර් මාසයේ පැවැත්වෙන විභාග

    ඔක්තෝබර් 02, 2015

    ශ්‍රී ලංකා සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය සේවයේ නිලධාරීන් සඳහා වන දෙවැනි කාර්යක්ෂමතා කඩඉම් විභාගය -2014 (2015) විභාගය ඔක්තෝබර් 24 සහ 25 දෙදින පේරාදෙණියේදී පමණක් පැවැත්වෙන බව ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

    වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ ශ්‍රී ලංකා තාක්ෂණ සේවයේ පුහුණු කිරීමේ ශ්‍රේණියේ අඩවි වන නිලධාරී තනතුරුවලට බඳවා ගැනීම සඳහා වන සීමිත තරග විභාග- 2015 විභාගය ඔක්තෝම්බර් 25 වැනි දා කොළඹ දී පමණක් පැවැත් වේ.

    බටහිර සංගීත ලිඛිත විභාගය - 2015 විභාගය ඔක්තෝම්බර් 25 වැනි දින කොළඹදී පමණක් පැවැත් වේ.

    රාජ්‍ය කළමනාකරණ සහකාර සේවයේ II පන්තියේ නිලධාරීන් සඳහා වන කාර්යක්ෂමතා කඩඉම් විභාගය - 2012(1) 1(2015) (බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ II පෙළ ජේලර් හා II පෙළ සුබ සාධක නිලධාරීන් සඳහා නුහුරු භාෂා වාචික පරීක්ෂණය) විභාගය ඔක්තෝම්බර් මස 26, 28, 29, 30 දිනවලදී කොළඹ දී පමණක් පැවැත් වේ.

    කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව - ශ්‍රී ලංකා තාක්ෂණ සේවයේ විදුලි සංදේශ හා රේඩාර් කාර්මික නිලධාරීන (III ශ්‍රේණිය) තනතුරට බඳවා ගැනීමේ විවෘත තරග විභාගය 2014 (2015) විභාගය ඔක්තෝම්බර් 31 වැනි දා පමණක් පැවැත් වේ.

    රෙජිස්ට්‍රාර් සේවයේ III පන්තියේ II ශ්‍රේණියේ තනතුරු සඳහා බඳවා ගැනීමේ විවෘත තරග විභාගය 2014(2015) විභාගය ඔක්තෝම්බර් 31 වැනි දා තෝරා ගත් නගර 8කදී පැවැත් වේ. එම විභාගය සඳහා අයදුම්කරුවන් 15498 දෙනෙකු පෙනී සිටිති.

     

    kpm

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya