ජනවාරි 15, 2025
tami eng youtube  twitter facebook

    ආරක්‍ෂක ලේකම් ෂියෑන්ග්ෂන් 2015 සමුළුවට Featured

    ඔක්තෝබර් 22, 2015
    ආරක්‍ෂක අමාත්‍යාංශ ලේකම් ඉංජිනේරු කරුණාසේන මහතා පසුගිය දා චීනයේ බීජිං නුවර පැවතී 06වැනි ෂියෑන්ග්ෂන් (6th Xiangshan Forum) සමුළුව සඳහා සහභාගි විය. මෙම සමුළුවචීනයේ යුද හමුදා විද්‍යා සංගමය (China Military Science Society - CMSS) සහ ජාත්‍යන්තර උපායමාර්ගික අධ්‍යයනය සඳහා වන චීන ආයතනයේ (China Institute for International 
    Strategic Studies - CIISS) සම අනුග්‍රහයෙන් සංවිධානය කර තිබුණි.
     
    මෙම සමුළුවට සහභාගි වන අතරතුර මහජන චීන හමුදාවේ (Peoples Liberation Army -PLA) නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී අද්මිරාල් (Deputy Chief of General Staff) සුන් ජියෑන්ගෝ මහතා (Admiral Sun Jianguo) සමග හමුවක් පැවතී අතර එහිදී උපාය මාර්ගික වශයෙන් චීන ශ්‍රී ලංකා සහයෝගිතාවය වර්ධනය කරගැනීම පිළිබඳව කරුණු රැසක් ආරක්‍ෂක ලේකම්වරයා සහ මහජන චීන හමුදාවේ නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී අතර සාකච්ඡා විය. 
     
    පුහුණුවීම්, ඒකාබද්ධ පුහුණුවීම් මෙහෙයුම්, ආරක්‍ෂක නියෝජිත හුවමාරු වැඩසටහන්, වැඩමුළු, සම්මන්ත්‍රණ ආදිය පිළිබඳ වැඩිදුර කරුණු එහිදී සාකච්ඡා විය. එමෙන්ම 2016 වසරේ දී පැවැත්වීමට නියමිත චීන ශ්‍රී ලංකා දෙවන ආරක්‍ෂක සහයෝගිතා සාකච්ඡාව (Defence Cooperation Dialogue) පිළිබඳවත් වැඩිදුර කරුණු සාකච්ඡා විය. පළමු චීන ශ්‍රී ලංකා ආරක්‍ෂක සහයෝගිතා කථාබහ (Defence Cooperation Dialogue) ඉකුත් 2014 වසරේ බීජිං නුවර දී පැවැත්වින. මෙහිදී චීනයේ නිල සංචාරයක් සඳහා ද ආරක්‍ෂක ලේකම්වරයාට චීන හමුදාවේ නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී විසින් විවෘත ආරාධනයක් ද සිදුකරන ලදී.
     
    ආරක්‍ෂක ලේකම්වරයාට මෙම ජාත්‍යන්තර සමුළුව ඇමතීමේ අවස්ථාව ලැබුනේ සමුළුවේ සිව් වැනි සැසිවාරය වන ආසියා ශාන්තිකර සාගර කලාපයේ ආරක්‍ෂාව පිළිබඳ ව වන සැසියේ දී වන අතර එහිදී ඔහු අවදානම් කළමනාකරණය පිළිබඳ ව සමුළුව දැනුවත් කරන ලදී. එහිදී දූපතක් ලෙස ශ්‍රී ලංකාවට සාගරයේ ඇති වටිනාකම මෙන්ම එවැනි රටක් මුහුණ පාන ගැටලු සම්බන්ධව ද සාගරය මත යැපෙන රටක් ලෙස එහි සංවර්ධන මට්ටම් පිළිබඳව ද දීර්ඝ ව පැහැදිලි කරන ලදී. මුහුදු මාර්ගවල ආරක්‍ෂාව තහවුරු කිරීම, ආසියා පැසිෆික් කලාපය තුළ හා ඉන් ඔබ්බට සුරක්‍ෂිත සාමකාමී අවකාශයක් නිර්මාණය කිරීම ඒ වෙනුවෙන් සාමුහිකව කටයුතු කිරීමේ වැදගත්කම හෙට්ටිආරච්චි මහතා අවධාරණය කළේය.
     
    කලාපිය වශයෙන් ආරක්‍ෂාව පිළිබඳ ව සංවාද ගොඩනැංවීම වෙනුවෙන් 2006 වසරේ ආරම්භ කරන ලද මෙම ආරක්‍ෂක සමුළුවට එන වසරේ (2016) සිට වාර්ෂිකව සංවිධානය වේ.
     
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya