ජනවාරි 15, 2025
tami eng youtube  twitter facebook

    එක්සත් ජාතීන්ගේ 70වෙනි සංවත්සරය අද

    ඔක්තෝබර් 24, 2015

    1948 වසරේ සිට සෑම වසරකම ඔක්තෝබර් 24 වෙනිදා ‘එක්සත් ජාතීන්ගේ දිනය‘ ලෙස සමරනු ලැබේ. 2015  ඔක්තෝබර් 24 වෙනි දිනට එක්සත් ජාතීන්ගේ සංවිධානය වසර 70ක් සපුරා ඇත. 1971 දී, එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ දී එදින නිවාඩු දිනයක් ලෙස සැමරීමට සාමාජික රටවල් විසින් නිරීක්ෂණය කර නිර්දේශ කෙරුණි.

    දෙවන ලෝක යුද්ධය නිසා සිදු වූ මහා විනාශය හමුවේ එයට සම්බන්ධ වූ හා නොවූ රටවල් 51ක රාජ්‍ය තාන්ත‍්‍රික නියෝජිතයන් ඇමෙරිකාවේ සැන්ෆ‍්‍රැන්සිස්කෝ නුවරදී මුණ ගැසී යළිත් එවන් ව්‍යසනයක් වළක්වන ආකාරය පිළිබඳ සාකච්ඡා කිරීම සමඟ 1945 අපේ‍්‍රල් මාසයේදී එක්සත් ජාතීන්ගේ සංවිධානය පිහිටුවා ගැනීමේ කතාබහ ආරම්භ වී ඇත. මූලාරම්භක රටවල් එක්ව ලියූ එක්සත් ජාතීන්ගේ ප‍්‍රඥප්තිය 1945 ජූනි 26 වනදා අත්සන් කළත් එය ක‍්‍රියාත්මක වීම ඇරැඹුණේ 1945 ඔක්තෝබර් 24 වෙනිදා ය. එම නිසා ඔක්තෝබර් 24 වෙනි දිනය එක්සත් ජාතීන්ගේ සංවිධානයේ උපන් දිනය ලෙස සමරනු ලබයි. 1955 දෙසැම්බර් 15 වැනිදා ශ‍්‍රී ලංකාවට එජා සාමාජිකත්වය හිමි විය.

     

    un70 logo from ftp

    එක්සත් ජාතීන්ගේ 70වෙනි සංවත්සර දිනයේ දී (අද, ඔක්. 24) එක්සත් ජාතීන්ගේ සාම පණිවිඩය ලොවට ප්‍රකාශ කරමින් ප්‍රසංගයක් නිව්යෝක් හි පිහිටි එක්සත් ජාතීන්ගේ මූලස්ථානයේ එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය ශාලාවේ දී පැවැත්වීමට නියමිතය. විශ්වීය භාෂාව වන සංගීතය, කොරියානු සාම්ප්‍රදායික සංගීත වාදක අංග, Lang lang ප්‍රමුඛ වාදක කන්ඩායම් සමඟ සිදු කරන චීන ප්‍රාසාංගික සංගීත වාදන, ලෝක ප්‍රසිද්ධ හාර්ලම් ශුභාරංචියේ බැති ගී කණ්ඩායම ඇතුළු අංග රැසකින් සමන්විත මෙම ප්‍රසංගය මඟින් එක්සත් ජාතීන්ගේ කර්තව්‍ය සැමරීම සහ ආවර්ජනය කිරීම සිදු කෙරේ.

     

    එසේම අද දිනයේ, ලෝක ව්‍යාප්ත ‘Turn the World UN Blue‘ (ලෝකය එක්සත් ජාතීන්ගේ නිල් පැහැයෙන් සරසන්න) වැඩසටහන ද ක්‍රියාත්මක වේ. මෙම වැඩසටහන තුළින් ගෝලීය පුරවැසියන්ගේ එක්සත්බව හා සාමය, සංවර්ධනය හා මානව හිමිකම් පිළිබඳ පණිවුඩය ප්‍රකාශ කිරීම සඳහා සංකේතයන් ලෙස ලොව පුරා රටවල්වල සුවිශේෂීතම ස්මාරක, ගොඩනැගිලි, ප්‍රතිමා, පාලම් සහ අනෙකුත් ස්ථාන නිල් පැහැයෙන් ආලෝක ගැන්වීම සහ සැරසීම සිදු කරනු ඇත.

     

    එක්සත් ජාතීන්ගේ 70වෙනි සංවත්සරය සැමරීම සඳහා ඔවුන් විසින් ‘UN70‘ ලෙස ලාංඡනයක් ද නිර්මාණය කර ඇති අතර එහි මෙදින තේමාව වන ‘Strong UN, Better World‘ (ශක්තිමත් එක්සත් ජාතීන්, යහපත් ලෝකයක්) යන්න ද ඇතුළත් කර ඇත. මෙම ලාංඡනය එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තිය තුළ තහවුරු කර තිබෙන ඉලක්ක සමඟ ඉදිරියට ඇදෙන අධ්‍යාපන හා මහජන සත්කාරක ව්‍යාපෘති සඳහා බලගැන්වීමක් සිදු කරනු ලබයි.

     

    SDF

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya